
(විමුක්ති එස් රුද්‍රිගු)
සතුරාට මුහුණ දීමේ ඉරාන නාවික හමුදාවේ යුද උපාය මාර්ගය ගැන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වර්ණනා කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය
රුසියානු නාවික හමුදා ප්‍රධානින් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම වර්ණනාව සිදුකර ඇතැයිද පැවැසෙයි.
සතුරු ඉලක්කයකට පහරදීම සඳහා කුඩා ප්‍රහාරක බෝට්ටු විශාල ප්‍රමාණයක් යොදා ගැනීමේ ඉරාන නාවික හමුදා උපාය මාර්ගය ඉතාමත් ඵලදායී වී ඇතැයිද ජනපති පුටින් පවසා ඇත.
කුඩා බෝට්ටු විශාල ප්‍රමාණයක් යොදා ගැනීම හේතුවෙන් ඇමෙරිකාවේ දිගුදුර අවිවලට එම බෝට්ටු විනාශ කිරීම අපහසු වී තිබෙන බවද පුටින් ප්‍රකාශ කර තිබේ.
ඉරාන බෝට්ටු කුඩා වුවත් ඒවායේ නවීන තාක්ෂණයෙන් යුතු අවිආයුද තිබෙන බවද ජනපති පුටින් එහිදී පවසා ඇත.
රුසියාවටද මෙවැනිම බලඇණියක් තිබෙන බවත් එම බලඇණිය දියුණු කිරීමට කටයුතු කළ යුතු බවත් පුටින් ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ මෙම බලඇණිය මොස්කිටෝ බලඇණිය ලෙස හඳුන්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ ඩෙංගු වර්ෂන් එක තියෙනවා. ඒක ඔය මොස්කිටෝලට වැඩිය හොඳයි. ඕනනම් කියන්න, බල්ක් ගන්නවනම් අඩුකරල දෙන්නම්.
ඊට කලින් අපේ නාවික හමුදාව ඔය උපක්‍රමය භාවිතා කලේ...
මා දන්නා පරිදි මෙම ක්‍රමය මුලින්ම භාවිතා කළේ LTTE එක. එය ඉතාමත් සාර්ථක ක්‍රමයක්.