
(රංජිත් රාජපක්ෂ)
මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා තරුණයන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් තරුණයක් 08 දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (10) ඇතුළු කළ බව නානුඔය පොලිසිය පැවසීය.
අද (10) දින අලුයම මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදීය.
අනතුරින් තුවාල ලැබූ පිරිස ඩෙස්පෝඩ් ප්‍රදේශයේ වතුකම්කරුවන් ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත. ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ආනයනය කරන සියලුම ගණයේ වාහන තද රබර් ගණ තට්ටුවකින් ආවරණය කළ ඵ්වා පමණක් විය යුතු බව ගැසට් නිවේදනයක් මඟින් නීතිගත කරමු. ස්තූතියි...!