(යොහාන් භාසුර)
විනය කඩකිරීමේ චෝදනාවට මෑතකදී වසරක ක්‍රිකට් තහනමක් පැනවූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යෑමට සූදානම් වන බවට ක්‍රිකට් ආයතනයට ද නිල නොවන මට්ටමෙන් දැනගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිකල සහ නිරෝෂන් දික්වැල්ල මෙලෙස ඇමරිකාවට යෑමට නියමත බවත් දැනට ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයකු මෙහි සම්බන්ධීකරණය කරන බවත් එම උසස් නිලධාරියා කීය.
මෙම ක්‍රීඩකයන් තිදෙනාට පනවා ඇති රුපියල් කෝටිය බැගින් වන කෝටි තුනක දඩ මුදල මේ දක්වා ගෙවා නොමැති බවත් එය ඔවුන්ට ගෙවීමට ඇති මුදල්වලින් අයකරගත හැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්...
බින්දුසාරටයි, පාලටයි, බෝලෙන් බෝලෙට දෙවියන් සිහිකරන උපාසක ගොයියාටයි අපගේ සුබපැතුම්...!!! කොහේ ගියත් විනීතකම, හික්මීම නොමැති නම් ඒ සියල්ල එදාවේල ශුවර් තමයි... සුජාතා අත්තනායක මහත්මියගේ මෙම අර්ථවත් ගීතය නුඹලාට කෙසේ හෝ ඇසීමට හැකිවේවා..."හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී"
අඟහරු ලෝකෙට ගියත් ඔය ගති ඇරෙන්නේ නෑ.. හැබැයි ඇමරිකාවේදී ඔවුන්ව කවුරුත් ගණන් ගන්නේවත්, උඩ තියන් ඉන්නේවත් නැති නිසා බල්ලන් වගේ අකුලන් ඉඳියි.. තව එකක්... ඔය කියලා තියෙන විදියට ඔවුන්ගෙන් අයකර ගත්තොත් තමයි ලෝක පුදුමේ...
එයාර් පෝට් එකට වෙනකම් ට්‍රාන්ස්පෝර්ට් එක මම නොමිලේ දෙනවා.
ක්‍රිකට්වලට හොඳ කාලයක් ලැබුවා වගේ...
විනය කඩපු අය වගේම හොරුත් යන්නේ අන්තිමට ඇමරිකාවට...
මොවුන්ගේ පෞද්ගලික ජීවිතවලට යහපතක් වෙන්නේ... ඉරිසියා කරන්න එපා... එහෙම හරි ඔවුන්ට ඒ ලැබුණු අවස්ථාව ඔවුන්ට බනින බොහොමයකට මතු ආත්මයකදීවත් ලැබෙන්නේ නෑ...
වෙනත් රටවල දඬුවම් ලැබූ ක්‍රීඩකයින් ගන්න තරම් ඇමරිකාව බංකොලොත්ද? අනෙක වැරදිකරුවන්ට තම රටේ දොර අරිනවද?
ඇමෙරිකාව ගොඩක් මහන්සි වෙලා එයාලගේ දේශීය තරග තියලා රටේ ක්‍රිකට් දියුණු කරන්න හදනවා. මේ වගේ අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තොත් නම් ඉතින් ඇමෙරිකාවේ ක්‍රිකට් වලටත් අබ සරණයි.
මේක නම් ආශීර්වාදයක්...! ශ්‍රී ලංකා ක්‍රිකට් යථා තත්වයට ඒවි කියන බලාපොරොත්තුවට සුබ ලකුණක්. මේ දවස්වල තියෙන ආරාධිත තරඟාවලිය බලනකොට තේරෙනවා කොච්චර දක්ෂ ක්‍රීඩකයින් රටේ ඉන්නවද කියලා. බැටින් බෝලින්වලට දක්ෂයින් විතරක් නොවේ.. කණ්ඩායමක් ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් දැක්මත් අධිෂ්ඨානශීලීත්වයත් වගේම ශක්තිමත් මනසක් තියෙන ක්‍රීඩකයින් ගොඩක් අපට ඉන්න බව මේ තරඟාවලියේ මුල් තරඟ 04 තුළදීම අපට දකින්නට ලැබුණා. ඊයේ පැවැති තරඟයේදි ලකුණු 180 ක විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කළ හැටි හරිම ලස්සනයි. එහිදී අශේන් බණ්ඩාර කියන සාමාන්‍යයෙන් වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයා ක්‍රීඩා කළ විලාශය දුටුවාම, එම ස්ථානයේ දික්වැල්ල හෝ මෙන්ඩිස් හිටියා නම් පීඩනයට පත් වෙලා කරන පිස්සු ටික හිතේ මැවුණා. අනේ උඹලා දෑහැට නොපෙනි යන එකමයි හොඳ. පුලුවන් නම් තවත් කිලෝමීටරයක් හරි ඈත් වෙනවා නම් ඒක තමයි සතුට. LTTE මිනීමරු අහිංසකයින්ටත් අන්තිමට පිළිසරණක් වුනේ ඇමරිකාව තමයි...! ඒත් මේ වැඩේ නිසා ඇමරිකාවට ජයමවේවා...!!!
ලොකු දෙයක්...
රටේ ක්‍රිකට් සහ නම්බුව විනාශ කළ මොවුන්ට සුදුසු දඬුවම ස්වභාව ධර්මය විසින් ඉදිරියට ලබාදෙනු ඇත.
මොවුන්ට ලකුණු ගහන්න බැහැ ගහන්න පුළුවන් කුරුස පමණි , ඇමරිකාව මොවුන්ව ජාතික පිලට ගන්නේ නැහැ ,ගන්නේ ක්‍රීඩා සමාජ වලට පමණි . එහෙ ගිහින් මත් පැන් පානය කර වාහන පදවලා මිනිස්සු යට කරලා මැරුවොත් කෙලින්ම හිරේ .මෙහේ වගේ ලොක්කෝ අල්ලන් බේරෙන්ඩ බැහැ
ඇමරිකාව මේ වාගේ යක්කු ගන්නේ නැහැ .එහෙ තියෙන්නෙත් ක්‍රිකට් වලට හරිම අඩු ඉල්ලුමක් .ප්‍රාන්ත වලට වත් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ අය ගන්නේ නැහැ .ක්‍රිකට් තවම ළදරු අවස්ථාවේ තියෙන වෙලේ මේ වගේ සොක්කෝ ගන්න ඒ අයට පිස්සු නැහැ .එහෙ අපේ හොඳ අම්පයර්ස්ලා ඉන්නවා .ඒ අය කියන්නේ මේක මේගොල්ලොන්ගේ හීනයක් කියලා .එහෙම රටකට මේ වගේ ජෝකර්ලා ගෙන් වැඩක් නැහැ
මුන්ව ගත්ත දවසේ ඉඳන් තමයි ඇමරිකාවෙත් ස්පෝර්ට් නවතින්නේ .විනයක් නැති කාලකන්නියෝ .මුන් වගේ නරි හිටියත් ආයේ වලට එපා
අපේ සර්වත් එක්ක යන්න බැරිද?