
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද සිසුන් වෙත ලබාදී අැති බව මව්පියෝ පවසති.
හත ශ්‍රේණිය චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද එහි පිටුපස මුද්‍රණය කොට අැති අතර එ‍් පිළිබඳ නොදත් ගුරුවරුන් විභාගය අාරම්භ කිරීමෙන් පසු ප්‍රශ්න පත්‍රය ළමුන්ට ලබාදීමෙන් අනතුරුව පිළිතුරු පත්‍රය පිළිබඳ නිරීක්ෂණය වී අැති බව සඳහන් කරයි.
වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් බහුතරයක් පාසල් ප්‍රශ්න පත්‍රයේ තිබූ පිළිතුරු කොටස සමඟ ලබා දී අැති අතර පාසල් කිහිපයක් එම කොටස ඉවත්කර ළමුන් වෙත ප්‍රශ්න පත්‍රය ලබාදී අැති බවත් පවසති.
මේ හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් සිදුව අැති බවත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ පසු බලධාරීන් කිසිවෙකු ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කිරීමකින් තොරව පාසල් වෙත ලබාදී අැතැයිද කීය.
පාසල් ළමුන් මුදල්ගෙවා ප්‍රශ්න පත්‍රය ලබාගැනීම සිදුකරන බවත් වගකීමක් නොමැති නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් වන බවත් පැවසීය.
මීට අමතරව පසුගියදා ලබාදුන් 11ශ්‍රේණියේ සිංහල හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කොටස් කිහිපයක් '' වට්ස්ඇප් '' පණිවිඩයක මගින් පාසල්වෙත එවා අැති බවත් එවා ගුරුවරුන් විසින් කියවා ළමුන්ට පිළිතුරු ලිවිමට දී අැති බවත් හය ශ්‍රේණිය පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රයද අන්තර් ජාලෙය් තිබූ ප්‍රශ්න පත්‍රයක් බවත් මාපියෝ වැඩිදුරටත් පැවසීය.
ගැටළුව සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අාර්. වීරසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් උත්සහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගුරුවරුන් පඩි වැඩි කරන්න කියනවා මාසයට රුපියල් 60,000-80,000ක් පඩි ගන්නවා. ඒත් අධ්‍යාපනය තාම ලංකාවේ ගල් යුගයේ. යුරෝපයේ වුණත් නොමිලේ අධ්‍යාපනය දුන්නාට පාසල් කාලයෙන් පසුත් ළමයි ගැන අවදානයෙන් ඉන්නේ, විශේෂයෙන් මානසික සෞඛ්‍යය ගැනත් බලනවා..
කලින් සිදු නොවන දේවල් දැන් සිදු වෙනවා නේද? මාලිමා දේශපාලකයින් ද මේ ප්‍රශ්න පත්තර බෙදන්නේ. නැත්නම් නිලධාරීන්ද ? එහෙමනම් කලින් නොවුන වැරදි දැන් වෙන්නේ ඇයි නිලධාරීන් අතින්? හිතා මතා රාජ්‍ය අපහසුතාවට පත් කරන්න කරන උප්පරවැට්ටි මේවා
මෙහෙමත් ගුරැවරැ. ප්‍රශ්නපත්‍රය දෙන්න ඉස්සෙල්ලා බෙදන්නෙ මොනවද කියල බලන්න ඕන නේද.
රටේ හැමතැනම හොරකම. සිස්ටම් චේන්ජ් වෙලා නෑ!
කලින් මෙහෙම දෙයක් උනාම "හරියට වාර විභාගයක්වත් පවත්ව ගන්න බැරි ආණ්ඩුව ගෙදර යනු !!!" කියලා කෑගහපු නංකිලා මල්ලිලා වගයක් හිටියා. දැන් උන් වඳවෙලා ගිහින්ද කොහෙද.
හරිනේ.තව ටික කලකින් ප්‍රශ්න පත්‍රයයි උත්තර පත්‍රයයි දෙකම දීල ළමය්නේ කරණාකරල මෙය ඔබේ අත් අකුරින් ලියා දෙන්න ,අපේ රැකියාව බේරාගන්න නිසා, කියල උපදෙස් ලියන්න වෙනවා. කියල මම කීවා අමතර විනාඩි දහයක් දෙන්න පටන් ගන්න විට.
සිද්ධ වෙලා තියෙන්නේ වැරැද්දක් කියමුකෝ. ඒ වුනාට සමහර පාසැල් පිළිතුරු කොටස ඉවත් කරලා සමහර පාසැල් එහෙමම දුන්නා කියන්නේ ප්‍රශ්න පත්‍රය බෙදන්න පෙරත් සමහර පාසැල් පත්‍රය පරීක්ෂා කරලා නෑනේ. අනික මෙවැනි ප්‍රශ්න සඳහා ප්‍රචාරය දීමේ සැඟවුනු න්‍යාය පත්‍රය තමයි ඉස්කෝලෙන් පිට ප්‍රශ්න පත්‍රය සකස් කිරීම නැවැත්වීම, මොකද වෙනදා ඉස්කෝලෙන් හදන කොටත් දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒත් ප්‍රසිද්ධ වෙන්නේ නෑ.