
(රවින්ද්‍ර ලියනගේ)
අධික වැසි පවතින කාළවලදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් පවුල් 60 ක පමණ ජනතාවක් දැඩි පිඩාවට පත්වි සිටිති.
වැසි කාළවලදි ජනපදය පුරා වැසි ජලය පිරිමෙන් අඩි පහක පමණ මට්ටමකට ජලය පිරිමෙන් මේවන විට නිවාස 60 ක් පමණ ජලයෙන් යටවි තිබේ.
ජනපදයට පිවිසෙන මාර්ගද වැසි ජලයෙන් යටවිම නිසා පදිංචිකරුවන් සිය දෛනික කටයුතු සදහා තෙප්පමක් භාවිතා කරමින් ගමනා ගමන කටයුතු සිදුකරන අතර බොහෝ නිවාස තුළට ද ජලය ගලා යාමෙන් ශාහ භාණ්ඩ ඇතුලු වටිනා උපකරණවලටද හානි වි ඇති බව ගම්වාසිහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රන්දියගම" කියලා නම දාපු කෙනා හොයා ගත්තොත් ... (එක්කො මොකටද නිකං කුණූහබ්බ අහගන්නෙ)
පහත් බිම්වල නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය...