ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය පුස්තකාල වෙබ් අඩවියේ “විනෝදයෙන් ඉංග්‍රීසි” වෙබ් පිටුව දැන් ක්‍රියාත්මක කර තිබේ.

ගීත සහ කතාවල හඬ පට භාවිතා කරමින් ඉතාම සරලව හා පෙර පාසල් දරුවන්ගේ මනසට කාවැද්දීමට හැකි වන අයුරින් මෙම විෂය මාලාව නිර්මාණය කර ඇති අතර එය සිංහල හා දෙමළ භාෂාවලට ද පරිවර්තනය කර තිබීම මෙහි ඇති සුවිශේෂිත්වයයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කරන ලදී.

මෙම විෂය මාලාව‍,  උතුරු ප්‍රදේශයේ පෙර පාසල් 30 ක දැනටමත් ළමයින් සඳහා ක්‍රියාත්මක කර තිබේ. කොළඹ මහජන පුස්තකාලයට සම්බන්ධ පෙර පාසල් 12 ක  තව නොබෝ දිනකින් එය ක්‍රියාත්මක කිරිමට නියමිතය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්තකාලාධිපතිනි ආචාර්ය නයනා විජයසුන්දර මහත්මිය වෙත https://lib.sjp.ac.lk/englishforfun/ විද්‍යුත් ලිපිනය ඔස්සේ ඉල්ලීමක් කිරිමෙන් සම්පූර්ණ විෂය මාලාව නිවසටම ගෙන්වා ගැනීමට ද හැකිවේ.

 “විනෝදයෙන් ඉංග්‍රීසි” වෙබ් පිටුව එළිදැක්වීමේ අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න, කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලාධිපතිනි වරුණි ගඟබඩආරච්චි යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

‘විනෝදයෙන් ඉංග්‍රීසි‘ වෙබ් පිටුව එළිදැක්වීමේ උත්සවයේදී එහි නිර්මාතෘවරිය වන ආචාර්ය මධුභාෂිනි දිසානායක රත්නායක මහත්මිය අදහස් දැක්වූ අයුරු