(අංජුල මහික වීරරත්න)
වන සතුන්ගෙන් වන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ සමීක්ෂණයකින් අනාවරණය වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට වායු රයිෆල් ලබා දීමේ වැඩසටහන් සඳහා සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
ලුණුගම්වෙහෙර තල් සංවර්ධන මණ්ඩලයේ දී හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මෙම වැඩ සටහන් පැවැත්විණි.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සියයට 50 ක ණය සහන පදනමක් මත මෙම වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත. මෙහිදී එම වායු රයිෆල් වල වටිනාකමින් සියයට 50ක් රජය විසින් දරන අතර ඉතිරි සියයට 50 ගොවීන් විසින් ගෙවිය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වඩා එක ඩීල් එකකින් ඔබතුමාලා හොරාකන්නේ නැද්ද?
මාදිවෙල කැලේ ඉන්න වන සත්තුනේ...!
දියවන්නාවේ අම්බරුවෝ වසරකට කොපමණ මුදලක් කාබාසිනියා කරනවා ද ?
දියවන්නාවේ ඉන්න සත්තු ටික දවසකට කාබාසිනියා කරන ගාන එක්ක බැලුවාම ඕක නිකං නොසලකා හැරිය හැකි ප්‍රමාණයක්...
ඔයාලා තමා කාළකන්ණි වන සත්තු..
විශිෂ්ට බෞද්ධ රටක් විදිහට සතා සිව්පාවට අහාර පාන ලබාදීම ගැන අප ආඩම්බර විය යුතුයි..නිවන් දකින්න පහසු වෙනවා..