IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වෑන් රිය කුකුල් අසුචි ලොරියේ ගැටී දෙදෙනක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි කංකානම්ගේ)


නොරෝච්චෝල නාවකාඩුව ප්‍රදේශය නවතා තිබු රථයක අද (28) කුකුල් අසුචි (පොහොර) ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පිටුපසින්  ගැටිමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත් ඇත්තේ මීගමුව දුන්ගල්පිටිය පදිංචි 15 හැවිරිදි තාරක කවිෂ තෙන්නකෝන් නැමති දරුවෙකු හා 72 හැවිරිදි දෙදරු පියකු වු රණසිංහගේ මයිකල් නම් අයෙකි.

මොවුන් ගමන් කල වෑන් රථයේ උඩ සවිකර තිබු බඩු රැගෙන යන ට්‍රැක් එක සෙලවිම හේතුවෙන් එය සකස් කිරීමට වාහනයෙන් බැස එය සකසමින් සිටියදී වෑන් නොරෝච්චෝල දෙසට කුකුල්  පොහොර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මීදි වෑන් රථයෙ ගැටි ඇති බව කියයි.

අනතුර වන අවස්ථාවේදි වෑන් රථයේ 15 දෙනෙකු සිට ඇති බවත් ඔවුන්ගේ දස දෙනෙකුට ආසන්න පිරිසක් සුළු තුවාල සිදුව තිබු බවද කියයි.

වෑන් රථය අනතුරීන් ඇදි ගොස් නැවති තිබු ස්ථාන ගැඹුරු ජලය පිරි අගලක් තිබු ඇතත් වෑන් රථයේ සිටි පිරිස මහත් පරිශ්‍රමයකින් එළියට පැමිණ ඇති බව කියයි.

අනතුරීන් තුවාල ලැබු පිරිස අතර ලොරි රථයේ රියදුරුද බරපතල තත්වයෙන් පුත්තලම මූලික රෝහලේ පථිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

අනතුර සම්බන්ධව නොරෝච්චෝල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (5)

වෑන් රිය කුකුල් අසුචි ලොරියේ ගැටී දෙදෙනක් මරුට

Nilantha Sunday, 29 June 2025 06:29 AM

අලුත් වචනයක් යොදා තියෙන්නේ ව්‍යවහාරයේ තියෙන වචනය කියන්න ලැජ්ජාවේ වෙන්න ඇති. සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ කුකුල් බෙටි කියලා බව මේ පිරිස අහලවත් නැතුවද කියලා හිතෙනවා. අතීතයේ සිට සෑම දෙයක්ම අවශ්‍ය වෙනවා කිව්වේ කුකුල් බෙටිත් බෙහෙතට ඕනෑ වෙනවා කියලා මිස කුකුල් අසූචිත් බෙහෙතට ගන්නවා කියලා නොවෙයි. කොහොම වුණත් නූගතුන් පිරිසක් බව හිතෙනවා...

:       0       0

ගුණරත්න Sunday, 29 June 2025 12:09 PM

ඔය වෑන් එකක් නොවේ... 70 ගණන් අගදී ආපු රෝසා බස් එකක්. අපි වගේ දුප්පත් මිනිස්සු ට්‍රිප් යන්නේ මේවායේ තමයි...

:       1       4

කෞෂිSunday, 29 June 2025 08:59 PM

දුකට පත් මිනිස්සු ඇයි ට්‍රිප් යන්නේ?

:       1       2

ජිල්බු Monday, 30 June 2025 11:46 AM

ඇත්තනේ, දුකට පත් නම් පල්ලි පන්සල් කෝවිල් දේවාල වලට නේ යන්න ඕන. ඒවයින්නේ දුක නැති කරගන්න හැටි හරියටම කියල දෙන්නේ

:       0       2

janahitha Monday, 30 June 2025 03:23 AM

කුකුල් ගු ලොරියේ පමණටවඩා බර පැටවීම නිසා පාලනයෙන් ගිලිහෙන්න ඇති , මෙම අපද්‍රව්‍යය නිසා රියදුර ආබාධයකට ලක්වෙන්නත් පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site