(දිලීප් ජයසේකර  සහ රොෂාන් දිලීප් කුමාර)

ඥාති නිවසකට ගොස් යතුරු පැදියකින් යළි නිවස බලා එමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව ඊයේ (07) රාත්‍රි මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි තිදරු පියෙකු වන කේ.ඒ.නන්දසිරි හා 38 හැවිරිදි දෙදරු පියෙකු වන සරත් චන්ද්‍රසිරි නැමති දෙදෙනායි.

මිය ගිය දෙදෙනාම සූරියවැව මීගහජදුර වැලිවැව පදිංචි කරුවන් වන අතර ඔවුන් දෙදෙනාම සූරියවැව මහින්දරාජපක්ෂ ක්‍රිකට් ක්‍රිඩාංගණයේ සෙවයේ නිරත වූවෝය.

ඊයේ (07) සවස සිය සේවා මුරය අවසන් වීමෙන් පසු ක්‍රිකට් ක්‍රිඩාංගණය පිටුපස මාර්ගයේ ඇති සිය ඥාති නිවසකට ගොස්  රාත්‍රි 10ට පමණ යළි නිවසට පැමිණෙමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

මිය ගිය එක් පුද්ගලයෙකුගේ සිරුරට වන අලියා දැඩි ලෙස හානි සිදුකර තිබුණි.

සිද්ධිය පිළිබදව සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් පරිදි  වැඩිදුර විමර්ෂණ පවත්වයි.