
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙතෙක් ශ්‍රී ලංකාවේ වන අලි ගහනය සඳහන් වුයේ 5600ක් වශයෙනි.
නමුත් මෑතක දී සිදු කළ ගණනය අනුව මෙරට වන අලි ගහනය 7000 ඉක්මවා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකාවෙි දළ ඇතුන් ප්‍රමාණයේ අඩු වීමක් ද වාර්තා වන බවත් දැනට වාර්තා වන පරිදි මෙරට වනාන්තර වල සිටින දළ ඇතුන් සංඛ්‍යාව 142ක් බව ද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි 350ක් පමණ ආගිය අතක් නැති නැතැයි පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එහිදී වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ වන අලි ආහාර සපයා ගන්නා ගිරිතලේ, මින්නේරිය හා පරාක්‍රම සමුද්‍රයේ වැව් පිටි මෙම වර්ෂය පුරාම ජලයෙන් පිරී පැවැති හෙයින් අලි වෙනත් ප්‍රදේශවලට ආහාර සොයා සංක්‍රමණය වී ඇති බවයි.
මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම නිසා ජනතාවට වන අලින්ගෙන් වන හානි ඉහළගොස් ඇති බව ද වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෛව විද්‍යාත්මකව ගහනය වැඩි වුනාම මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙනවා. නැවතත් ගහනය අඩු වනව.
ලංකාව වැනි කුඩා රටක, මිනිස් ජනගහනයට සාපේක්ෂව 7000 ක වන අලි ගහණයයක් යනු අධික ගහනයකි. ඈත ගම්බද ප්‍රදේශ වල වෙසෙන දුප්පත් ගොවීන්ට මෙය බලවත් තර්ජනයක්. මෙවැනි තත්වයක් මත, ජනාවාස අසල වෙසෙන අලින්ට වේසි තැබීම හෝ උන් අල්වා වෙන රටකට යැවීම සිදු කල යුතුයි.
අලි ඇත්තුන්ට උන්ගෙ නිජ බිම් අපහු දීල මිනිසුන්ව පස්සට ගන්න එක රජයෙ යුතුකමක්. උන්ගෙ නිජ බිම් වල ගෙවල් හැදුවම වගා කෙරුවම ගහන එක ඉතින් පුදුමයක් නැහැ. මිනිස්සු පිටි පස්සට අරන් එයාලව වෙනත් ප්‍රදේශ වල පදිංචි කරවන්න ඔන එයලගෙ ජීවන තත්ව උසස් කරල දීල.