IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වන අලින්ට ’’සිකුරා’’ ලබයි: ඇතුන්ට ’’හෙනහුරා’’ ලබයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ වන අලි ගහනය  සඳහන් වුයේ  5600ක් වශයෙනි.

නමුත් මෑතක දී සිදු කළ ගණනය අනුව මෙරට වන අලි ගහනය 7000 ඉක්මවා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව  කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකාවෙි  දළ ඇතුන් ප්‍රමාණයේ  අඩු වීමක් ද වාර්තා වන බවත්  දැනට වාර්තා වන පරිදි මෙරට වනාන්තර වල සිටින දළ ඇතුන් සංඛ්‍යාව 142ක් බව ද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි 350ක් පමණ ආගිය අතක් නැති නැතැයි පළ වූ මාධ්‍ය වාර්තා  සම්බන්ධව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා  වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එහිදී වනජීවී  දෙපාර්තමේන්තුව සඳහන් කළේ වන අලි ආහාර සපයා ගන්නා ගිරිතලේ, මින්නේරිය හා පරාක්‍රම සමුද්‍රයේ වැව් පිටි මෙම වර්ෂය පුරාම ජලයෙන් පිරී පැවැති හෙයින්  අලි වෙනත් ප්‍රදේශවලට ආහාර සොයා සංක්‍රමණය වී ඇති බවයි.

මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම නිසා  ජනතාවට වන අලින්ගෙන් වන හානි ඉහළගොස් ඇති බව ද වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී පැවසීය.



අදහස් (3)

වන අලින්ට ’’සිකුරා’’ ලබයි: ඇතුන්ට ’’හෙනහුරා’’ ලබයි

චන්දන Thursday, 15 September 2022 01:40 PM

ජෛව විද්‍යාත්මකව ගහනය වැඩි වුනාම මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙනවා. නැවතත් ගහනය අඩු ⁣වනව.

:       4       0

sugath Thursday, 15 September 2022 02:57 PM

ලංකාව වැනි කුඩා රටක, මිනිස් ජනගහනයට සාපේක්ෂව 7000 ක වන අලි ගහණයයක් යනු අධික ගහනයකි. ඈත ගම්බද ප්‍රදේශ වල වෙසෙන දුප්පත් ගොවීන්ට මෙය බලවත් තර්ජනයක්. මෙවැනි තත්වයක් මත, ජනාවාස අසල වෙසෙන අලින්ට වේසි තැබීම හෝ උන් අල්වා වෙන රටකට යැවීම සිදු කල යුතුයි.

:       9       4

amila Thursday, 15 September 2022 04:55 PM

අලි ඇත්තුන්ට උන්ගෙ නිජ බිම් අපහු දීල මිනිසුන්ව පස්සට ගන්න එක රජයෙ යුතුකමක්. උන්ගෙ නිජ බිම් වල ගෙවල් හැදුවම වගා කෙරුවම ගහන එක ඉතින් පුදුමයක් නැහැ. මිනිස්සු පිටි පස්සට අරන් එයාලව වෙනත් ප්‍රදේශ වල පදිංචි කරවන්න ඔන එයලගෙ ජීවන තත්ව උසස් කරල දීල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site