IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වන අලි රැලක් පොල් වත්තක් වනසලා

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල වෑවලවැව අලකොලවැව ප්‍රදේශයේ අක්කර තිහක පොල් වත්තකට වන අලි රංචුවක් කඩා වැදී පල දරන පොල් ගස් සියයකට අධික ප්‍රමාණයක්  පෙරලා බිම දමා විනාශ කොට ඇතැයි ගොවීහු පවසති.

වසර දහයකට පමණ වයස ඇති ඉතා සරු පලදාවක් ඇති මෙම පොල් වගාවට වසර කිහිපයකම සිට වරින් වර වන අලින් රංචුපිටින් කඩා වැදී පොල් ගස් විනාශ කිරීම සිදුවන බවත් මේ වනවිට පොල් ගස් හයසියයකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වන අලින්ගේ විසින් විනාශ කර දමා තිබෙන බව ගොවීහු පෙන්වා දෙති.

රටේ පොල් පලදාවට මෙතරම් හානියක් සිදු කළ ද තවමත් කිසිදු විසඳුමක් ලැබී නැති බව ඔවුහු පෙන්වා දෙති.  

 



අදහස් (5)

වන අලි රැලක් පොල් වත්තක් වනසලා

sugath Sunday, 22 December 2024 06:47 AM

වගා හානි කරන වන සතුන්ට වෙඩි තබා පලවා හැරිය යුතුයි...!

:       3       7

R.T.Sarath Sunday, 22 December 2024 08:04 AM

ඔය අලි මිනිස් ප්‍රශ්නවලට එකවර අත දමලා වැඩේ අවුල් කරගන්න අපේ අදහසක් නැහැ... අපිට පරිසරවේදියත් ඕනේ ගොවියාත් ඕනේ..., ඔය ඔක්කෝටම කලින් අපි අපේ ආචාර්ය මහාචාර්ය පට්ටම් වල තිබෙන ගැටළු ටික ලිහාගන්න ඕනේ එකට තව සතියක් දෙකක් යාවි... විදුලි බිල අඩු කරන එක... සහල් පොල් ප්‍රශ්න..., අලි මිනිස් ගැටළු බොහෝවිට කාලය විසින් විසඳාවී...

:       6       4

සජබයිසිලිංඩර්Sunday, 22 December 2024 01:39 PM

අළුතින් පත් වුනේ දේශපාලකයා විතරයි. නිලධාරීන් අවු 76 ක් හොරු එක්ක එකට හිටිය හොරු තමයි. සමහරුන්ට මාර විශ්වාසයි මේ බෑ කියලා. මොකද අර හොරු එක්ක හිටියා හොරු වැඩක් කරන්න ඉඩ නොදෙන නිසා. ඒ නිසා ඉවසලා ඉන්න මැක්කනේ. ජන මතයට හිසනමා බලං ඉන්න. වැඩ කරන්න ඉඩ දෙන්න.

:       3       4

ගුරුවරයා Sunday, 22 December 2024 08:46 AM

ඉඩම වටේටම පතොක් වැටක් හදන්න. ලොකු දෙයක් නෙවේනේ. පතොක් නිකං හැදෙනවා. වැට මායිමේ මීමැසි කූඩු කීපයක් හදන්න. සත්තු දන්නේ නෑ පොල් කෑල්ල කෑවේ කියලා. ස්වාභාවිකවම ඔවුන් එන එක පාලනය කරන්න. මුකුත්ම බැරි නම් ලොකු බෆල් සිස්ටම් එකක් දාලා රෑට සිංහයෝ, කොටියෝ, අලියෝ කෑගහන ශබ්ද ටිකක් ප්ලේ කරන්න. මේවා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන දේවල්...!

:       0       6

Perera Sunday, 22 December 2024 09:12 AM

බල බල ඉන්න දෙයක් නැහැ... ඇමැතිතුමා කිව්වා වගා පාලු කරන සතුන්ට ඕන දෙයක් කරන්න කියලා...

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site