
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වෑවලවැව අලකොලවැව ප්‍රදේශයේ අක්කර තිහක පොල් වත්තකට වන අලි රංචුවක් කඩා වැදී පල දරන පොල් ගස් සියයකට අධික ප්‍රමාණයක් පෙරලා බිම දමා විනාශ කොට ඇතැයි ගොවීහු පවසති.
වසර දහයකට පමණ වයස ඇති ඉතා සරු පලදාවක් ඇති මෙම පොල් වගාවට වසර කිහිපයකම සිට වරින් වර වන අලින් රංචුපිටින් කඩා වැදී පොල් ගස් විනාශ කිරීම සිදුවන බවත් මේ වනවිට පොල් ගස් හයසියයකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වන අලින්ගේ විසින් විනාශ කර දමා තිබෙන බව ගොවීහු පෙන්වා දෙති.
රටේ පොල් පලදාවට මෙතරම් හානියක් සිදු කළ ද තවමත් කිසිදු විසඳුමක් ලැබී නැති බව ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා හානි කරන වන සතුන්ට වෙඩි තබා පලවා හැරිය යුතුයි...!
ඔය අලි මිනිස් ප්‍රශ්නවලට එකවර අත දමලා වැඩේ අවුල් කරගන්න අපේ අදහසක් නැහැ... අපිට පරිසරවේදියත් ඕනේ ගොවියාත් ඕනේ..., ඔය ඔක්කෝටම කලින් අපි අපේ ආචාර්ය මහාචාර්ය පට්ටම් වල තිබෙන ගැටළු ටික ලිහාගන්න ඕනේ එකට තව සතියක් දෙකක් යාවි... විදුලි බිල අඩු කරන එක... සහල් පොල් ප්‍රශ්න..., අලි මිනිස් ගැටළු බොහෝවිට කාලය විසින් විසඳාවී...
ඉඩම වටේටම පතොක් වැටක් හදන්න. ලොකු දෙයක් නෙවේනේ. පතොක් නිකං හැදෙනවා. වැට මායිමේ මීමැසි කූඩු කීපයක් හදන්න. සත්තු දන්නේ නෑ පොල් කෑල්ල කෑවේ කියලා. ස්වාභාවිකවම ඔවුන් එන එක පාලනය කරන්න. මුකුත්ම බැරි නම් ලොකු බෆල් සිස්ටම් එකක් දාලා රෑට සිංහයෝ, කොටියෝ, අලියෝ කෑගහන ශබ්ද ටිකක් ප්ලේ කරන්න. මේවා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන දේවල්...!
බල බල ඉන්න දෙයක් නැහැ... ඇමැතිතුමා කිව්වා වගා පාලු කරන සතුන්ට ඕන දෙයක් කරන්න කියලා...