
(අංජුල මහික වීරරත්න)
වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත.
වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වන අතර වන අලි ගම් වැදීමෙන් දේපළ සහ වගා හානි වූ පවුල් වල දරුවන්ටද මීට අයැදුම් කළ හැකිය.
ආධාර ලැබීමට සුදුසු පවුලක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා අනුමත කර තිබිය යුතු යැයිද 1ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුලක් වීම මෙම මූල්‍යාධාරය ලබා ගැනීමට සුදුසුකමක් ලෙස සැලකෙන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
2025-01-01 දින හෝ එම දිනෙන් පසු දිනකදී වන අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් ඒකකයක් විය යුතු අතර දැනටමත් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර ඇති අ.පො.ස උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ප්‍රතිලාභී දරුවකු නොවීමද මෙම ආධාරය ලබාදීමට සුදුසුකමක් බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම වැඩසටහන මගින් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා රුපියල් 5,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද ආදී වශයෙන් 2025 අප්‍රේල් 1 වැනි දා සිට මෙම මූල්‍යාධාරය ලබා දීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුසුකම් සපුරාලන පවුල්වල දරුවන්ගේ විස්තර ලබා ගෙන සිය පෞද්ගලික අධීක්ෂණය යටතේ, නිර්දේශයද සහිතව අදාල අයැදුම්පත් ජනාධිපති අරමුදලේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස සියලුම ප්‍රදේශීය ලේකම්වරුන් දැනුම්වත් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි නිසා පීඩාවට පත් ජනතාවට ජනපති අරමුදලෙන් සරණක්
Mohan Mangala Mapa Tuesday, 01 April 2025 12:28 PM
කොච්චර මුදලක් ගියත් කරන්න ඕනෑ දෙයක් තමයි අලි කැලෑ වලට පන්නලා (විල්පත්තුව, යාල......) ඒවගේ අලි එන තැන් වලට අලි වැට ගහන එක. එතකොට අලින්ට ගමට එන්න බැහැ. දැන් කරනෙ අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩක්.
sugath Tuesday, 01 April 2025 02:55 PM
වල් අලි උවදුරින් පීඩා විඳින මේ අහිංසක මිනිසුන්ට පිහිට වීම ඉතා හොඳ දෙයක්.