(අංජුල මහික වීරරත්න සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී කතාකරමුදැයි ජනාධිපතිතුමා කතා කර තමාගෙන් විමසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්යාල කල්ලේලියේදී අද(20) පැවැසීය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන තමා සෙසු පක්ෂ සමග සාකච්ඡා කර නොතිබූ හෙයින් තමා ජනාධිපතිවරයාගේ යෝජනාවට එකඟ වූ බව කී අග්‍රාමාත්‍යවරයා ඒ අනුව ජනපති ඊයේ(19) දහවල් කැබිනට් මණ්ඩලය කැඳ වූ බව ද සඳහන් කළේය.
පස්යාල දොන් ස්ටීවන් නව ජාතික පාසල ඉදිකිරීම සඳහා මුල්ගල කැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය. කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපනය අමාත්‍යංශයේ ‘ළඟම පාසල - හොඳම පාසල’ වැඩසටහන යටතේ මෙම නව පාසල ඉදිකෙරෙයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“19 වන සංශෝධනයේ කොටසක් අප විසින් සිදුකර තිබෙනවා. ඉතිරි කාරණා ගැන ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ජනාධිපතිවරණයත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය ගැන විවිධ සංවිධාන ප්‍රශ්න මතුකිරීම පුදුමයක් නොවේ. මෙය අද රටේ ප්‍රශ්නයක්.
මේ සතියේ මුල් භාගයේදී සමහර සිවිල් සංවිධාන අලුත් යෝජනා ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණේ 20 වන සංශෝධනය වහාම සම්මත කිරීම ගැන සාකච්ඡා ඇති වී තිබුණා. ඒ සාකච්ඡාවලට මා සහභාගී වී සිටියේ නැහැ. ඒ ගැන මටත් ආරංචි වුණා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී කතාකරමුදැයි ජනාධිපතිතුමා අද කතාකර මගෙන් ඇසුවා. අපේ පක්ෂ අතර මේ ගැන සාකච්ඡා කර තිබුණේ නැහැ. ඒනිසා එය හොඳයි මෙතන කතාකරන්න පුලුවන් කියා මා පැවැසුවා. ජනාධිපතිතුමා ඒ අනුව දහවල් කැබිනට් මණ්ඩලය කැදෙව්වා. මා ඊට පෙර අපගේ ඇමති මණ්ඩලය කැදෙව්වා. එහි විවිධ අදහස් තිබුණා. ඒ බව මම ජනාධිපතිතුමාට දැනුම්දුන්නා. එකඟතාවක් තිබේදැයි නොදන්නා බවත් මා පැවසුවා.එ
අවසානයේ ඒ ඒ පක්ෂ මේ ගැන තීරණය කිරීමට එකඟ වුණා. ඒ අනුව ඒ රැස්වීම අවසන් වුණා.
මෙහි යථාර්ථය නම් පොහොට්ටුවේ ඡන්ද නැතිව ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කරගත්තාට බැහැ. අපට 150ක මන්ත්‍රී පිරිසක් නැහැ. ඒ ගැන සාකච්ඡා කළත් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට හැකිවන්නේ පොහොට්ටුවේ ඡන්ද තිබෙනවා නම් පමණයි යැයි මම දැනුම්දුන්නා.
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළාදැයි බොහෝ සිවිල් සංවිධාන මට දොස් කිව්වා. කෙසේ වෙතත් මෙය විවෘතව කතාකිරීම රටේ යුතුකමක්. සෑම පක්ෂයකටම මේ ගැන තීරණයක් ගන්න වේවි. අප කාටවත් මේ ප්‍රශ්නයෙන් හැංගෙන්න බැහැ. විධායක ජනාධිපතික්රමය තබාගන්නවාද නැද්ද කියා සෑම පක්ෂයක්ම තීරණය කරන්නට වේවි. අවසන් තීරණය ගන්නේ ජනතාවයි” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුත් එක්ක යාළුවෙන්න වගේ...
කරු අාවොත් පෙනෙයි තරු...!
ලංකාවේ අසාර්ථකම ආණ්ඩු . මේ කාලයේ කිසිම අලුත් දෙයක් කලේ නැත. ඒවෙනුවට පසුගිය ආණ්ඩුව කළ ව්‍යාපෘති බොරු හේතු කියමින් තමන්ගේ වගේ විවෘත කළා . අභයගිරි චෛත්‍ය ජනාධිපති වී සතියෙන් විවෘත කලේ තමන්ගේ චිත්‍රයක් එහි ඇඳලයි. අන්තිමට මිනිස්සු එකේ ඇස් උගුළුවා තිබු නිසා මකාදමා තිබුනා. මොරගහ කන්ද ව්‍යාපෘතියේ අමාරුම කොටස තිබුනේ දුර්වල බෙඩ් රොක් එක කොන්ක්‍රීට් යොදා ශක්තිමත් කිරීමයි. ඒකට විශාල කාලයක් ගියා. එ්කටත් මහින්ද ට බැන බැන එයා කළ දෙයක් විදියට විවෘත කලා. තව වැඩ ඉවර කරපු එම ව්‍යාපෘතියේම කළුගඟ ජලාශය විවෘත නොකර ඡන්දෙ කිට්ටුවෙලා විවෘත කරන්න ඉන්නවා. අඩුම ගානේ මේවා කරන කොට මහවැලි ඇමතිවත් නෙමෙයි. . කොළඹ නිවාස ව්‍යාපෘති , නෙලුම් කුලුන, කම්කරු පියස ආදී සියලුම ව්‍යාපෘති පසුගිය ආණ්ඩුවෙන් පටන්ගත්ත ඒවා දැන් පොර්ට් සිටි , ආරක්ෂක මුලස්ථානය වගේ ඒවා 50% ඉවර කරලා විවෘත කරන්න ලෑස්ති කරලා තියෙන්නේ .
මම රනිල් වික්‍රමසිංහට එච්චරම කැමති නැහැ. හැබැයි මෙච්චර කල් මේ මනුස්සයා මෙහෙම ඇදගෙන නෑවේ නැහැ. යම්කිසි ගානකට තමන්ගේ ගෞරවය තියාගෙන හිටියා. ජනාධිපතිතුමා එක්ක ගෑවුණු හැම කෙනාම ඉවරයි. දැන් බලනකොට මේ වැඩෙත් ලණුවක්ද?
නිකන් බොරු කියවන්න එපා මහත්තයා. ජනාධිපතිකම අහෝසි කරන්න ජනමත විචාරණයකට යන්න වෙනවා..
රනිල්ම කියනවා හරි අමාරුවෙන් මේ දුර වසර 4 දී ආවේ කියලා. රනිල්ට ඕනේ දැන් ශ්‍රී ලංකා රාජ්‍යය දියකරලා හරි පක්ෂ නායකත්වය රැකගන්න. ජනමත විචාරණයක් නැතුව කොහොමද විධායක ජනපතිකම අහෝසි කරන්නේ? ඇරත් කවුද මේ සිවිල් සංවිධාන? එකක 10 දෙනෙක්වත් නෑ.
සූත්තර පුංචගේ අන්තිම තුරුම්පුවත් කැලේ...
බොරු කියන්න ලෑස්ති වෙන්න එපා මහත්තයෝ. ඔයාට තමයි ජනාදිපති කම අහෝසි කර ගන්න ලොකුම වුවමනාව තිබ්බේ. හැබැයි ඊයේ ඔයා පරදවුණා. ඔයාගේ පක්ෂේ අයම ඒකට විරුද්ධ වුණා. දැන් ඒක වහගන්න ජනාධිපති අල්ලා ගන්න හදන්න එපා.
ගොඩක් ව්‍යාපෘති බාගෙට හදල විවෘත කරන්න හදනවලු
ආප්පත් තිත්ත කෝපිත් දුන්න නැති නිසා මම බැහැයි කිව්වා.
අරුණ 2015 ට පෙර පැවති සුදුවෑන් ඒකාධිපති ක්‍රමය වෙනුවට ස්වාධින අධිකරණය පොලිසි හා රාජ්‍ය ආයතන වලින් හැදුනු ස්වාධින රජ්යන්ත්රණය ක්‍රියාකරවන නීති හදන විවිධ මතධාරීන් නියෝජනය කරන පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ඇති කර පුද්ගලයකු වෙනුවට ඒ සමුහය පාලනය කරන රටක් හැදීම යුද්ධය,පාරවල් හා බිල්ඩින් හදනවට වඩා අමාරු වැඩක්. 19 න් ජනපති බලය ඔයිටවඩා අඩුකරන්න ගියානම් ජනපති ඇතුළු පිරිසගේ ඡන්ද නොලැබෙන නමුත් අද විධායක ජනපති කම අහෝසි කරමු කියා ජනපති ඉල්ලීමට රනිල් එකගවීම නිවැරදි ය.මන්ද එය අහෝසි කිරීමට 2015 දී ජනතාව බලය දුන් නිසාත් ජනපතිවරණයට තවම මුදල් වියදම් නොකළ නිසාත් ජනපති බලය අහෝසි කිරීමට අවශ්‍ය ඡන්දය පාර්ලිමේන්තුවේදී ලැබේනම් කෝටි 400 ට වැඩි මජන මුදල් ඉතිරි කරගන කාකොටා ගැනීම් වලින් තොරව ව්‍යවස්ථාව හදා මහමැතිවරණය පවත්වා නිසි පාලනය ඇතිකිරීමට හැකියාව ඇති නිසාත්ය. ඇත්තටම කළයුත්තේ එයයි. නමුත් එයට විරුද්ධවන සජිත් ඇතුළු පිරිසත් රහුෆ් හිකිම් ඇතුළු පිරිසත් බලකාමයෙන් මත්ව විධායක ජනපතිවී දැනට තියන බලතල වගාකර කන්නයි හදන්නේ කියල දේශපාලන අයන්න දන්නා අයටනම් වතේ.
aruna 2015 ට පෙර පැවති සුදුවෑන් ඒකාධිපති ක්‍රමය වෙනුවට ස්වාධින අධිකරණය පොලිසි හා රාජ්‍ය ආයතන වලින් හැදුනු ස්වාධින රජ්යන්ත්රණය ක්‍රියාකරවන නීති හදන විවිධ මතධාරීන් නියෝජනය කරන පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ඇති කර පුද්ගලයෙක් වෙනුවට ඒ සමුහය පාලනය කරන රටක් හැදීම යුද්ධය,පාරවල් හා බිල්ඩින් හදනවට වඩා අමාරු වැඩක්. 19 න් ජනපති බලය ඔයිටවඩා අඩුකරන්න ගියානම් ජනපති ඇතුළු පිරිසගේ ඡන්ද නොලැබෙන නමුත් අද විධායක ජනපති කම අහෝසි කරමු කියා ජනපති ඉල්ලීමට රනිල් එකගවීම නිවැරදි ය.මන්ද එය අහෝසිකිරීමට 2015 දී ජනතාව බලය දුන් නිසාත් ජනපතිවරණයට තවම මුදල් වියදම් නොකළ නිසාත් ජනපති බලය අහෝසි කිරීමට අවශ්‍ය ඡන්දය පාර්ලිමේන්තුවේදී ලැබේනම් කෝටි 400 ට වැඩි මජන මුදල් ඉතිරි කරගන කාකොටාගැනීම් වලින් තොරව ව්‍යවස්ථාව හදා මහමැතිවරණය පවත්වා නිසි පාලනය ඇතිකිරීමට හැකියාව ඇති නිසාත්ය. ඇත්තටම කලයුත්තේ එයයි. නමුත් එයට විරුද්ධවන සජිත් ඇතුළු පිරිසත් රහුෆ් හිකිම් ඇතුළු පිරිසත් බලකාමයෙන් මත්ව විධායක ජනපතිවී දැනට තියන බලතල වගාකර කන්නයි හදන්නේ කියල දේශපාලන අයන්න දන්නා අයටනම් වතේ.
නියම කඩේ යාම...
එල හරකා සහ මී හරකා වගේ වැඩක්..
මිදි තිත්තයි කිව්වලු...
මෙව්වට තමයි උපාය මාර්ග කියන්නේ.., රජා කියලා ඔටුන්න දාගෙන ගිහින්වත්, වැඩකාරයා කියලා තුවක්කු බෙල්ලේ බැඳගෙන ගිහින්වත්, කේවට්ටයෝ දාලා වේදිකාවල පාර්ලිමේන්තුවේ කෑ ගස්සවලාවත් මේ වගේ කෙලියක් කරන්න බැහැ. එ්කමනේ මෙය එනවට ඉන්දියාවත් බය..
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් මුල් දින 100 මොකද? අවසන් දින 50 මොකද..? සිරිසේන අවසන් ඕවරයේ හෝ දුන් උඩපන්දුව අල්ලා ගැනීම සියළු ප්රජාතන්ත්රවාදීන්ගේ වගකීමයි...
අපේ අගමැතිතුමා කියනා බයිලා, ජිප්සීස් වල සුනිල් පෙරේරාටවත් කියලා දිනන්න බැහැ. නියමයි.
හොද යාලුවෝ දෙන්න
කළ යුතු දෙය නොකරන, නොකළ යුතු දේ කරන රැලක් 70 වසරක් රට කනවා. කොන්ද පණනැති ගෝල බාල එහෙයියන් රැලක් කොටු කරගෙන...
අපරාදේ එහෙම කරන්න එපා.. ඔබතුමා ඕකට ඉදිරිපත් වෙන්න ජනතාව පුලපුලා බලාගෙන ඉන්නේ ඔබට කලගුණ සලකන්න. ඔබතුමා 2015දී දීපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කළානේ.., එමනිසා අපේ අාදායම් සරු වෙලා... මහබැංකුවත් දියුණුවෙලා.
අහපු ගමන් මමත් හා කිව්වා.