(යොහාන් භාසුර)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදි එසේ පැවසීය.
එම යෝජනාව ජනාධිපතිවරණය මඟ හැරීමට සමාජ මතයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වුවත් එය කළ නොහැකි දෙයක් බවත් ආණ්ඩුව වාද අවකාශය පිරවීම සඳහා මෙවැනි දේ ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා කීය.
ආණ්ඩුවට කිසිලෙසක වංගු ගැසීමට ඉඩ තැබිය නොහැකි බව කී ඩලස් අලහප්පෙරුම මහතා වර්තමාන ජනාධිපතිවරයාගේ මාමාගේ පාලන කාලයේ පැවති ජනමත විචාරණය මෙරට ඉතිහාසායට කළු පැල්ලමක් එක්කළ අවස්ථාවක් බව ද සඳහන් කළේය.
එම ජනමත විචාරණය ඡන්ද මංකොල්ලයක් වූ අතර ජනාධිපති අපේක්‍ෂයෙක් පවා හොර ඡන්ද දැමුවේ යැයි චෝදනා කළ විදේශ තානාපතිවරු පවා එළවා දැමීමට කටයුතු කළ බවත් එවැනි පසුබිමක් ඇති නායකයන් ජනතාවට එක් පැත්තකින් හාස්‍යය අනෙක් පැත්තෙන් වේදනා සපයන බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මෙම තත්වයෙන් ගැලවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ඉදිරියට යා යුතු බව කී අලහප්පෙරුම මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිළිව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් සම්පූර්ණ වීමට මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි සඳහන්ව ඇති බවත්ය.
වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය මෙම වසරේ නොවැම්බර් මස 19 වැනිදාට වසර 5 ක් සම්පූර්ණ වන බවත් ඒ අනුව ඔක්තෝබර් මස 18 වැනිදා වන විට නව ජනාධිපතිවරයෙක් පත්වී සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ආණ්ඩුවේ වැඩපිළිවෙළට විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් සහ මධ්‍ය ලක්‍ෂය ගන්නා කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට සිය පාර්ශවය කැමති බව කී ඒ මහතා අධිතක්සේරුවෙන් සිටින ඕනෑම විපක්‍ෂ බලවේගයකට පාකිස්තිනු මැතිවරණයේ ප්‍රතිඵලය හොඳම උදාහරණය බව ද සඳහන් කළේය.
මෙරට ජනතාව 2020 සිට 2022 දක්වා කාලය තුළ සිස්ටම් චේන්ජ් කිරීමට මැතිවරණයක් සහ අගලයක් හරහා උත්සහ දෙකක් කිරීමෙන් රටට අවාසි ගොඩක් ගෙන දුන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ඕක එපා කියන අය, දැන් ඕනෑ කියනවා නම් ඒක කුහකකම...
මෙච්චර කල් රට බංකොලොත් වෙනකල් හැම තක්කඩි වැඩකටම උදව් දීල දැන් සුදනෝ . හිරිකිතයි අහන්න, හැමදෙනේකුගේම පිස්සු කතා .
මොන උප්පරවැට්ටි දැම්මත් ජනමතයක් නෙමෙයි මොකක් ආවත් ජනතාව එය පරාද කරනවා .ජනතාවට දීපු පීඩාව අමතක වෙන්නේ නෑ
ඔය කවූරුත් බලය නැති කල අහෝසිකර දාන්න කැමති බලයට ආ පසුව ඉන්න කැමති තනතුර. දූෂිත දේශපාලන සම්ප්‍රදාය නැතිකෙනෙක් බලයට ආපු දිනක විධායක ජනාධිපතිධූරය අහෝසි වෙයි. එතෙක් අපිට කාගේ පිහිටද?
අපේ අතැම් දේශපාලකයෝ උතුරු ඡන්ද බලාගෙන එහෙට ගිහින් එකක් කියනවා. ඡන්ද කිට්ටු වෙන කොට රට ගැන නෙවෙයි තමන්ගේ බලය ගැන හිතලා ව්‍යවස්ථා සංශෝධන ගේනවා. සමහරු එහෙට මෙහෙට පනිනවා. අද බනින කෙනාට හෙට හොද කියනවා බලය වෙනුවෙන්. අහිංසක දුප්පත් ඡන්ද දායකයෝ රැවටෙනවා. අරුම පුදුම දේශපාලකයෝ ඉන්න රටක් අපේ රට