
(නිමල කොඩිතුවක්කු)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ නීතිඥයින් කණ්ඩායමක් මඟින් මේ වන විට එම යෝජනාව සකස් කරමින් සිටින බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලතල හිමි අගමැති පාලන ක්‍රමයක් යෝජනා කෙරේ.
ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයට පෙර ඉහත යෝජනාවලිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක ජනාධිපති කම නරක නෑ. එතනට යන පුද්ගලයයයි හරියට ඉන්න ඕන. මෙයාලා ගෙ අරමුණ යටිකූට්ටු එකක්.
කරුණාකරලා... 20 වැනි බඩකඩිත්තුව අහෝසි කරන්න. අත උස්සපු අයට දැන් ඵලදීලා තියෙන්නේ...
පවතින විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව ඇත්ත. ඒත් මේ හදිස්සියේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා කියලා අද රටේ ජනතාව දැවෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හා මිල විචලනයවත් ඒ සියල්ලට සහේතුක විදේශ විනිමය හිඟයටවත් විසඳෙයි ද? දැන් ජනතාවට අව්‍යශ දෛනික ගැටළු මඟ හැරවෙන කෙටි කාලීන විසඳුමක්.
චන්ද්‍රිකා, මහින්ද, පොළවෙන් මතුවුණු සිරිසේන ඔක්කොමලා විපක්ෂයේ ඉන්න කාලේ ඔය බයිලේ ගැහුවා... කෝ නැති කළාද?
දැං ඕක කළාම මිනිස්සුන්ට බට කට පිරෙනවද. පෝලිම් නැති වේවි ද. බොරු රඟපෑම් එපා. අවස්ථාවාදී වෙන්න එපා. ඉස්සර වෙලා දැනටමත් තියෙන ප්‍රශ්නය ට පිලියම් යොදන්න .
එක කරන්න ඉඩ තියන්න එපා. විධායක බලය නැති උනොත් හම්බයොත් රජ වේවි.