
(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාල ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඉවත් වන්නැයි පවසමින් ජාතික පාසල සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද (27) දින උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි.
එම විරෝධතාවය සඳහා පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් සහභාගි වී සිටි අතර විරෝධතා පාඨ කියමින් විරෝධතා පූවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලී සිටියහ.
විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මේ වන විට විදුහලේ අඩුපාඩු රාශියක් පැවතියත් එම කටයුතු සම්පූර්ණ කිරීමට විදුහල්පතිවරයා අපොහොසත් වී ඇති බවත් සියලු කරුණු චක්‍රලේඛවලට මුවාවෙමින් අතහැර දැමීමට කටයුතු කර ඇති බවයි.
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලේ විදුහල්පති අසංක මනෝජ් තිලකරත්න මහතාගෙන් මේ සම්බන්දව විමසීම සදහා දුරකතන ඇමතුම් දහයකට ආසන්න ගණනක් ගත්තද ප්‍රතිචාර දැක්වීමක් සිදු නොවීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අවුරුදු 3 තිස්සේ අඳුරු යුගයක් කරා ගෙනගිය අමනෝඥ විදුහල්පතිවරයෙක් නම් ගියා.
ගුරු දෙගුරු සංගමය පාසල පාලනය අතට ගන්න හදනව වගේ. අපේ ගමේ පාසල පාලනයත් ඔය වගේ.. සුජාතා ආදර්ශ කනිටු විදුහල. ගම්පහ කිට්ටුව. රටටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන ළමයින් ගත්ත ලකුණු විශේෂ දේවල් ආදිය බෙදනවා. සතියකට එකක් මොනවා හරි උත්සවයක් පාසල් වෙලාව තුලදී. සීමාව ඉක්මවා ප්‍රචාරය පාසලකට සුදුසු නෑ නේද...සියල්ල පාසල තුලට සීමාවිය යුතු නේද.