IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විදුහල්පතිගෙන් කාලා ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාලා

(එම්.කේ.නන්දසේන)

දෙබරවැව ජනාධිපති කණිෂ්ඨ විද්‍යාලයේ 9 වසරේ සිසුවකුගේ පිටට පාසලේ විදුහල්පතිවරයා වේවැලෙන් පහරදී ඇති බව පවසමින් එම සිසුවා දෙබරවැව මූලික රෝහලට ඇතුළත්ව ඇත.

තිස්සමහාරාම මැදවැලෑන  පදිංචි අ 14 හැවිරිදි සිසුවකු තමා පාසලේ සිටියදී ළමයින් පිරිසක් රබර් පටිවලින් විදගෙන ඇති බවට චෝදනා නගමින් විදුහල්පතිවරයා වෙිවැලෙන් තමාගේ පිටට පහරදුන් බවත්, එම හේතුවෙන් පිට ඉලිප්පී රිදෙන බවත් තමා එම සිද්ධියට අදාල නැති බවටත්, රෝහල්පොලීසියට ප්‍රකාශයක් දෙමින් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පති ලීල් චන්ද්‍රකුමාර මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.

"ඕනෑම පාසලක අකීකරු ළමයි කොටසක් සිටිනවා. කිසිම ගුරුවරයකු ළමයකුට අමානුෂික පහරදීම් සිදු කරල අමාරුවෙ වැටෙන්න සූදානම් නෑ. අපි නිතරම උත්සාහ ගන්නේ ළමයි යහමගට ගන්නයි. ඔය පැමිණිල්ල කර ඇති ළමයගෙ අම්මා තාත්තා දෙන්නම නැහැ. මා හොඳට ඔය ළමය පිළිබඳව දන්නවා. මේ ළමයා බඩගිණ්නෙ එන දින බලලා මම කෑම පුද්ගලිකව දීපු අවස්ථා බොහෝමයි. සිදුවීම වූ දිනයේත් පුතේ ඔය ළමයා කෑම කාල නැහැ නේද කියා විමසල උදේ මම කෑම එකක් දුන්නා.

මෙි ළමයාට පැමිණිල්ලක් දාන්න තරම් සිදුවීමක් වුණේ නැහැ. අම්මා තාත්තා නැති වුණත් කවුරු හරි පසුබිමෙන් ඉඳගෙන කරපු පෙලඹවීමක් තමයි මට දැනෙන්නේ. මෙි ළමයගේ ගොඩක් විනය විරෝධී වැඩ තිබෙනවා. ඒවා විනය පොතේ සටහන් තබලා තියෙනවා. එසේ වුවත් අපි බලන්නේ ළමයා ඉවත් නොකර ගොඩ ගන්නටයි. මේ ළමයා පමණක් නොවෙයි ළමයි හතර දෙනකු පීරියඩ් එකක් කට් කරල පනින්න උත්සාහ කරද්දී තමයි අල්ලගෙන සුළු දඬුවමක් දුන්නා. පැමිණිලි කරපු ළමයට වේවැලෙන් පාරවල් දෙකක් ගැසුවා. මගේ හොඳම යාළුවෝ දෙදෙනකුගේ ළමයි දෙන්නකුටත් වේවැල් පහරවල් 4 බැගින් ගහලා තියෙනවා. ඒ ළමයින්ගේ පියවරු ඇවිල්ලා මට ස්තුති කරා අපිත් දඬුවම් දෙනවා කියලා කිව්වා.

 



අදහස් (20)

විදුහල්පතිගෙන් කාලා ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාලා

Sunil Saturday, 10 December 2022 09:06 AM

ගරු විදුහල්පතිතුමනි ඔබ තුමාගේ ක්‍රියා පිළිවෙත ප්ර්ශන්සනීයි.

:       3       135

ruwan Saturday, 10 December 2022 09:47 AM

අපිට ගහලා හැදුවේ නැත්නම් අපිත් කොහේ නතරවෙයිද දන්නේ නැහැ.

:       118       104

මංජුල Saturday, 10 December 2022 12:33 PM

දැන් කොහෙද ඉන්නේ.

:       47       87

BamunuaracchiSaturday, 10 December 2022 12:57 PM

එහෙමනම් දැන් ඉන්නේ වෙන ග්‍රහලෝකයක වෙන්න ඇති.

:       13       9

සුරංග Saturday, 10 December 2022 03:24 PM

තමුන් ඇත්තම බමුණුආරච්චි නොවෙයි කියලා හිතෙනවා... ඇත්ත බමුණු මෙහෙම අදහස් ලියන්නේ නැහැ...

:       1       9

fairoosSunday, 11 December 2022 12:27 PM

සොබාදහමට කවුරුත් බයවෙන්න ඕනෑ. නැතිනම් දන්නවනේ වෙන දේ? ඒකයි බමුණුආරච්චිටත් වෙලා තියෙන්නේ...!

:       0       0

සමන්ත Saturday, 10 December 2022 10:29 AM

ගුරු වරයෙකුගෙන් අවවාදයක් ලබන්ට තරම් ගුණයක් නැති තරමටම සමාජය පිරිහෙලා මේ පොඩි ඇට්ටරයන්ට කිසි ඉවසීමක් නැ ගුණයකූත් නෑ

:       2       88

රන්ජිත් අතුකෝරල Saturday, 10 December 2022 12:11 PM

මෙවැනි දරුවන් වැඩිවියට පත්වී රටේ සිරගෙවල් පුරවන්න ඇත. එකල අප දෙමාපියන් අපව පාසලට භාරදෙන විට මුල්ගුරු තුමාගෙන් ඉල්ලා සිටින්නේ "සර් මූට හොඳට ගහලා හදලා දෙන්න " කියායි. අප අද සමාජයේ සිටින තැනට පත්වූයේ එම ඉල්ලීම නිසාම බැව් මගේ හැඟීමයි.

:       84       70

වැසියෙක් Saturday, 10 December 2022 12:35 PM

මේ කාගේ හරි උසිගැන්වීමකට කරපු පැමිණිල්ලක්. විදුහල්පති තුමාට අපගේ ගෞරව ප්‍රණාමය.

:       2       69

Kanthi Saturday, 10 December 2022 01:40 PM

මොනවා වුණත් දරුවන්ට වදහිංසා, දඬුවම් කරපු කාලේ ඉවරයි. ගුරුවර, ගුරුවරියන් දරුවන්ව හොඳ මිතුරන් ලෙස සලකලා, දරුවන්ට ලංවෙලා ඉතාමත් ආදරයෙන්, කරුණාවෙන් සැලකිය යුතු කාලයක්...

:       24       30

shanika Saturday, 10 December 2022 01:52 PM

හැබැයි විදුහල්පති ඒ ළමයාට තමන් කන්න දීපුවා මතක් කරලා... ඒ කියන්නේ උදව්වක් කළොත් ඕනෑම දෙයක් ඉවසන්න ඕනෑ කියන එකයි.

:       25       37

ආදිශිෂ්‍යයෙක් Sunday, 11 December 2022 07:43 AM

කන්න දුන්න එක කියවනවා නෙමෙයි. මේකේ කොටන පිරිස දන්නේ නැහැනේ ඒවා. විදුහල්පතිතුමාගේ අරමුණ මොකද්ද? එයා ළමයි ගැන බලන්නේ කොහොමද කියලා ඒවා කීවේ නැත්නම් කව්රුත් දන්නේ නැහැනේ. දඬුවම් දෙන්නෙක් නැතිව ළමයි හදන්න බෑ. බරපතල නෙමෙයි. ආදි කාලයේ වීර රජවරු පවා ඉගෙන ගද්දී දඬුවම් විඳලා තියෙනවා. දැන් දඬුවම් නොදී හදපු ළමයි තමයි පස්සේ කාලේ දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ නොසලකා හරින්නේ. කුඩුකාරයින්, කසිප්පු කාරයින්, මංකොල්ල කාරයින්, ස්ත්‍රී දූෂකයින් වැඩියෙන් බිහිවෙනවා... පැහැදිලිව පෙනෙනවානේ... දහම් අධ්‍යාපනයක්‌ දැන් ඇත්තේම නෑ. විභාගේ පාස්වෙන්න මොනවා හරි ලියනවා. අන්තිමට හැදියාවක් නැති, ගුණධර්ම නැති රොබෝ වගේ පිරිස් බිහිවෙනවා. මේකයි ඇත්ත...

:       3       2

C.K.Lankaputhra Saturday, 10 December 2022 02:01 PM

නීතියෙ තියෙන්නේ ශාරීරික වේදනාවට පත්වන දඬුවම් දීම නීතියට පටහැනියි. විදුහල්පති වරයා නීතියට පටහැනිව ක්‍රියා කරලයි තියෙන්නේ. කන පැලෙන්න ගහලා ළමයා හරිමගට ගැනීමට සත් භාවයෙන් කළ දඬුවමක් කිව්වාට හරියන්නේ නැහැ. අන්තිමට ගැහිල්ලේ සීමාව කොතැනද කියලා කාටවත් කියන්න පුළුවන්ද? ළමයකු අන්‍යයන් අතර ලැජ්ජාවට පත්වන දඬුවම් පැමිණවීම් පවා නීති විරෝධියි...

:       27       40

samanSaturday, 10 December 2022 04:03 PM

ඒකනේ අද මේ රටේ ගංජා කාරයෝ, කසිප්පු කාරයෝ වැඩි...

:       3       21

කසුන් Saturday, 10 December 2022 05:08 PM

ගහලා, බැනලා, දණගස්සලා ගුටිකාපු අය හදපු රට තමයි මේ තියෙන්නේ..., කොච්චර සාර්ථකද කියනවා නම්.. වඩේ කාරයෝ, කසිප්පු කාරයෝ රට හදන්න පාර්ලිමේන්තු යවන්න ඡන්දත් දෙන තරමට පුරවැසියන් බුද්ධිමත්...

:       3       25

sampath Saturday, 10 December 2022 05:46 PM

ගුරුතරුව වේදිකා නාට්‍ය බලන්න. මේ ගුරුවරයා දැන් ගැලවීමට කන්න දුන්නා කියලත් කියනවා. විදුහල්පතිවරු පොලිසියටත් එහෙ ගිහින් වැඩ කරන්නේ ඇතැම් අවස්ථාවල. ඇඹිලිපිටිය සිද්ධිය මතකනේ. සුළු දඬුවමකට ළමයි 12 ක් 13ක් මරන්න දුන්නේ...

:       5       12

m.nilamudeen Saturday, 10 December 2022 06:42 PM

රබර් පටි වලින් කඩදාසි ගුලිදාලා විදලා ඇස් අන්ධ වූ ළමයි ඉන්නවා සර්... දැන් ගුරුවෘත්තිය කරන්න බැහැ. ගැටලු වැඩියි... කරන අයයි එය දන්නේ...

:       0       14

මහේෂ් Sunday, 11 December 2022 07:30 AM

පැත්තක ඉඳලා මහා පඬි ටෝක් දෙන්න පුළුවන්... නමුත් ප්‍රායෝගිකව ළමයි එක්ක කටයුතු කරලා බලන්න ඕනේ. කොච්චර අමාරුද ළමයි පාලනය කිරීම කියලා...

:       0       3

මෝ Sunday, 11 December 2022 08:38 AM

අදටත් අපිට දඬුවම් දීලා යහමග පෙන්නපු ගුරුවරුන්ට මං පින් දෙනවා. එසේ නොවන්නට අපිත් අයාලේ යන්න ඉඩ තිබුණා. මේ සිසුවා අනාගත කුඩ්ඩෙක් පාතාලයෙක් වීමේ ලක්ෂණ දැන් ඉඳලාම පෙන්වනවා. කවුරුහරි පිටුපස සිට, ඔහුව මෙහෙයවන එකනං ශුවර්. ගමේ අය, විමසීමෙන් සිටිය යුතු කරුණක්...

:       1       1

දයාසේන Sunday, 11 December 2022 02:16 PM

රංජිත් අතුකෝරළ මහතාගේ අදහස නිවැරදි වුණත් එයට ලැබුණු කැමැත්ත අකැමැත්ත හරියටම 2019 ජනාධිපතිවරණය වෙලාවේ ප්‍රතිඵලය වගෙයි... අන්ලයික් වලින් තේරුණු ජනාධිපති හා ලයික් වලින් නොතේරුණු පිරිස පේනවා. රංජිත් මහතාට අමතරව මහේෂ් නිලාමුදීන් හා මෝ නිවැරැදි අදහස් ඉදිරිපත් කරලා තියෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site