
(සජීවා කෝට්ටගොඩ)
කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරයි.
සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන සංචාර ගමනාන්තය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවද මෙහිදී කීය.
මෙතෙක් එම කටයුතු සිදුකරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට ඇති බවත් කොමසාරිස් වරයා පවසයි.
මෙරටට සංචාර සඳහා පැමිණෙන විදේශකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබාගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාර වල නිරත වන බවත් මේ සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි කොමසාරිස්වරයා කියයි.
නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (2) කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරටට පැමිණෙන සංචාරකයින් ලංකාවේ වාහන පැදවීමට බලපත් නොමැතිව කුලී පදනම මත වාහන rents සිදුකරන්නේ ලංකාවේ නීතියක් නොමැති නිසාවෙනි... අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැති නිසාවෙනි. සංචාරකයකු ගුවන්තොටුපලට පැමිණිවිට රියැදුරු බලපතක් ගුවන්තොටුපලේදීම ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවකි. ලංකාවේ පුරවැසියකුට හෝ වාහන පැදවීමට අපහසු තත්වයන් තිබියදී කෙටි සංචාරයන් සඳහා පැමිණෙන සංචාරකයින් ලංකාවේ වාහන පැදවීම පිළිබඳව කිසිදු දැනුමක් හෝ අද්දැකීමක් නොමැතිව රජයේ ආයතනයකින් රියදුරු බලපත් ලබාදීම සංචාරකයින්ට පහසුවක් වනවා කියා සිතුවද? යම් හෙයකින් හදිසි අනතුරක් සිදුව තුවාල ලැබීමක් මරණයක් සිදුඋවහොත් ඒ පිළිබඳව අධිකරණය දැඩි තීන්දු ගනු ඇත. පසුපස ගමන් ගන්නා මගීන්ට බඳ පටි පැළැඳීමට අනිවාර්ය කරන්නා වූ රජය කෙටි සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන සංචාරකයකුට ලංකවේ වාහන පැදවීම පිළිබඳව කිසිඳු දැනුමක් නොමැති විදෙස් සංචාරකයකුට රියදුරු බලපත් නිකුත්කිරීම නීති විරෝධී ක්‍රියාවකි. පහසුවටත් වාසියටත් මෙවැනි අනුවණ කටයුතු නොකළ යුතුවේ...
මගේ නැතිවූ බලපත්‍රයකට අලුත් (duplicate ) බලපත්‍රයක් ඉල්ලා මාස දෙකකට වැඩියි. තවම ලැබුනේ නැහැ. බයිලා ගහන්නේ නැතිව තියෙන දේවල් කාර්යක්ෂම කරන්න.
ලංකාවේ international driving licene එක භාවිතා කර සමහර රටවල් වලදී අපි වාහන පදවන ආකාරයට, එම රටවල් විසින් නිකුත් කරන ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය පිළිගන්න 1952 දී අත්සන් කළ රියැදුරු බලපත් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියකට අනුව අප බැඳී සිටිනවා නේද? එම සම්මුතියට අත්සන් කළ රටවල් වල ජාත්‍යන්තර රියදුරු බලපත් මෙහෙ වලංගු නේද? මෙම සම්මුතියට අදාල රටවල් කුමක්ද කියලා ඔබතුමාට අපව දැනුවත් කරන්න පුලුවන්ද?
මෝඩ දෙයක්
මෝඩයෙකුගේ වැඩක්. ලෝකයේ කොහෙවත් නෑ. මහජනතාවට දෙවියන්ගේ පිහිටයි.