
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සිය විදේශීය පෙම්වතිය හා මිතුරු වී ඇයට වට්ස්ඇප් තාක්ෂණය හරහා අසභ්‍ය වීඩියෝ දර්ශන යවමින් සබදතාවක් පැවැත් වූ බව පැවසෙන තරුණයකු පැහැරගෙන ගොස් ඔහුව නිරුවත් කොට මරණීය තර්ජනය කරමින් අවස්ථා පහකදී රුපියල් තිස් අට දහසක් , ජංගම දුරකථනයක් කප්පම් ගත් බව පැවසෙන විදේශීය තරුණියගේ පෙම්වතා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව ශ්‍රී සුමන මාවතේ හා පොල්ගස්ඕවිට උස්වත්ත පාර ප්‍රදේශයේ පදිංචි (22,24 සහ 28) වයසේ පසු වන තිදෙනකු බව පොලිසිය කියයි.
පැහැරගෙන ගිය තරුණයා නිරුවත් කොට මරණීය තර්ජනය කරමින් ලිංගික ක්‍රියාවලට පොළඹවා ඒවා වීඩියෝ කර පහරකෑ තරුණයාගේ ජංගම දුරකථනයෙ තිබූ ‘වට්ස් අප්‘ අංක වලට යවා තිබේ.
පසුව මේ බව දුටු පහර කෑ තරුණයාගේ පියා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයින් තිදෙනා , යතුරු පැදියක් , ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන්ට මාරම ලිංගික අසහනයක් තියෙන්නේ. මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවදානය යොමු කරන්න ඕනේ. රටේ මානසික සෞඛ්‍යය ඉහළ දැමීම සඳහා...
ගුටි කාපු එකාට දුන්න දඬුවම් නම් හොඳයි... නැත්නම් ඌ පාඩමක් ඉගෙන ගන්නේ නෑ
පුදුම අසහනකාරයෝ ටිකක් නේ... ආදරයට ආදරය කරනවාට වඩා එහෙමත් නැතිනම් කාමයට ආදරයට කරනවාදැයි කියලා හිතා ගන්න බෑ