
(ජේ ඒ එල් ජයසිංහ)
ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගත්තේය
දළදා මාළිගාවට පැමිණි නව හමුදාපතිවරයා දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුදාපති වරයා පිළිගනු ලැබීය.
දළදා මාළිගාවට පැමිණ සිටි විදෙස් සංචාරක තරුණියක් නව යුධ හමුදාපති වරයාට ආචාර කර ගෞරව දැක්වූ අවස්ථාව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් අවස්ථාවක විහිළු වැඩක්. මේ වැඩේම සාමාන්‍ය ලංකාවේ මනුස්සයෙක් කෙරුවනම්, ප්‍රතිචාරෙ ඔය වගේම තියෙයිද?
මැය ඇයගේ රටේ හමුදා නිලධාරිනියක් වෙන්න ඕනෑ.
මේ දේ ඇමෙරිකාවේ, රුසියාවේ වගේ වෙන්න පුළුවන්ද?
එම තරුණිය සමහරක් විට එම රටේ හමුදා සාමාජිකාවක්ද විය හැකිය. කෙසේනමුත් බොහෝ ප්‍රියජනක දසුනක්...
ශ්‍රී ලාංකිකයින්ගේ සුහදශීලීත්වය හා ආගන්තුක සත්කාරය ලොවට කියන්න කදිම දසුනක්, මේ චායාරූපය ඇති ලංකාවේ සංචාරයක කර්මාන්ත ප්‍රවර්ධනය කරන්න.
මම රාජකීය හමුදාවේ සේවය කරනවා, මම නිල ඇඳුමින් සැරසී පොදු ස්ථානවලට යන විට සිවිල් වැසියන් විශේෂයෙන් ගැහැණු ළමයින්ට සහ ළමයින්ට ආචාර කරනවා. මෙය සේවාව සඳහා අයදුම් කිරීම සඳහා වන අතර ඔබ කුමන රටකද යන්න ගැටළුවක් නොවේ, මෙම පින්තූරය දැකීම ඉතා සතුටක්, නිහතමානී පිළිතුරට CA ට ස්තූතියි.
ඕක මොකක්ද අර කෙනෙක් ඒ දවස්වල බුෂ් ෂර්ට් එකක් ඇඳගෙන එකේ සාක්කුව ළඟ කොකා කොටා ෆැන්ටා ස්ප්‍රයිට් වගේ බෝතල් මුඩි එල්ලාගෙන ගම සමඟ කජ්ජකටත් ගියේ...