
(සුජිත් හේවාජුලිගේ )
මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
කළු කඩ වෙළෙඳාම හරහා අවිධිමත් ආකාරයට මුදල් එවීමෙන් වලකින්නැයි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
පවතින බැරෑරුම් අවස්ථාවේදී ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් උදව් කිරීමට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටින බව පැවසූ මහ බැංකු අධිපතිවරයා එම සියලු දෙනාට ස්තූතිය පුද කරන බවද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලරයට කොපමණ වැඩි අගයක් කළු කඩ වලින් ගෙව්වත් හැමදාම රටට සල්ලි එව්වේ සහ එවන්නෙ නීත්‍යානුකූලව රටටත් යහපතක් වෙන්න. මගේ රට මගේ මව.
අපි සූදානම්.. ඒ වගේම රටේ සම්පත් හොරාකාපු එවුන්ගෙන් නැවත ඒවා අයකරගෙන ඔවුන්ට දඬුවම් ලබා දෙන ක්‍රමයක් සකසන්න. ඔවුන්ව බලයෙන් පහ කරන ක්‍රමයක් සකසන්න, යෝජනා කරන්න. ඔවුන්ගේ දේපල ගැන විධිමත් විගණනයක් කර ඒවා උපයාගත් ආකාරය ගැන සොයා බලන්න.
ජනතාව මේ ආර්ථික අර්බුදය හමුවේ සියලු ණය බැංකු වෙත ගෙවීම අත් හිටුවිය යුතුයි . ඒ ණය පැහැර හැරීමට නොවේ. ගෙවීමට උනන්දුවක් ඇතත් හැකියාවක් නැති නිසා . එක සේ පෙළ ගැසී අසාධාරණ පොලිය අය කිරීමට මේ අවස්ථාවේ විරුද්ධ වෙමු . දඩ පොළිය ප්‍රතික්ෂේප කරමු . 2018 තෙක් default සියළු ණය කපා හැරීමට කටයුතු කිරීමට රජයට බැංකු වෙත අණ කිරීමට ඉල්ලමු . ඒ 2018 පසු සියළු බැංකු අකණ්ඩව වසර 4ක් දැනටමත් ලාබ පෙන්වා ඇති නිසා තවදුරටත් 2018 පෙර deafault ණය අය කර ගැනීමෙන් ඔවුන්ගේ අධ්ක පොලි මත ලාබය තව දුරටත් ඉහළ යාම වසංගත හා ආර්ථික අර්බුදය හමුවේ සාධාරණ නොවන නිසා .
මේක ආයාචනයක් කියල කිව්වත් කමක් නෑ. අපිත් කලක් විදේශගතව ඩොලර් එව්වා. දැන් දෙන්න හදන සමහර පහසුකම් ඒ කාලයේ හීන පමණයි.රජය කල එකම දේ පිටවීමේදී ගාස්තුව කපාගත්ත එක. අනික අපි රැකියා සොයාගත්තේ අපියි.ඒජන්සි හරහාත් නොවේ. අඩුම තරමේ විදෙස් මුදල් ගිණුම්වලට බැංකු සාධාරණ පොලියක් වත් දුන්නේ නෑ. දැන් පොලී අනුපාත සාධාරණයි.
ලොකු මහත්තය, මම වැඩකරන තැන ලංකාවෙ අය 300 විතර ඉන්නව. අවම වශයෙන් මේ අය මාසෙකට ඩොලර් 100,000/= වත් ලංකාවට එව්ව පසුගිය කාලෙ. කබ්බයි කාක්කයි ගේම් ගහල බැඔකු වට්ටල කලු කඩේ ගාන වැඩි කරල අවිශ්වාසය පතුරෝල ඒ ඔක්කොම නැති කල. අද ඒ සත 5ක් වත් ඩොලර් විදිහට ලංකාවට එන්නෙ නෑ. වෙන විදි වලටලු එන්නෙ! පුලුවන්නම් මේ මිනිස්සුන්ගෙ විස්වාසය දිනාගන්න, ඩොලර් එකට නියම මිල ගෙවන්න...එතකොට ඔවුන් සල්ලි එවයි බැංකු වලට.
පහුගිය කොරෝනා වසංගතය හමුවේ විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට තම මව්බිමට පැමිණීම තහනම් කරමින් ගුවන් තොටුපොල වැහුවා මතකද? හෝටල් නිරෝධානය තුලින් ඔවුන්ගේ මුදල් ගසා කෑමට ඉඩ සලස්වා තිබුනා මතකද? ඔවුන් මිනිස් බෝම්බ ලෙස නිර්වචනය කළා මතකද? විනිමය අනුපාතිකය කෘතිමව පවත්වා ගෙන යමින් විදේශ ගත ශ්‍රමිකයින්ට ලැබිය යුතු නියම රුපියල් වටිනාකම නොදුන්නා මතකද? ශ්‍රී ලාංකික ජනතාවට ඔවුන්ගේ මව්බිම අප්‍රසන්න කල රාජපක්ෂලා දේශපාලනයෙන් තුරන් කළා දිනෙක, නැවත කිසිවෙකුගේ ඉල්ලීමකින් තොරව ඔවුන් මේ රටට මුදල් එවයි. එහෙම නැත්නම්, තවමත් තක්කඩි රාජපක්ෂලාට ගැතිකම් කරන ජනතාවත් සමගම මේ රට විනාශ වෙයි.
ඕස්ට්‍රේලියා වේ ඉඳලා ආවේ ඕක කියන්නද ?
මෙක යවන්න බැරිද නිරූපමාට සහ රාජපක්ෂලාට? හොරා කාපු ඒක බිලියනයක් දැම්මොත් ඇති.
මේ තක්කඩි රැල බලයේ ඉන්න තුරු සත පහක් එවන්නේ නැහැ.... අපි සල්ලි එව්වොත් ඒවත් හොරා කනවා නීල කාසි හොරු
මම දැනගන්න කැමතියි නන්දලාල් මහත්තයාගේ මාසික පඩිය කීයද කියලා? එතුමා කතා කරන්න ලංකාවට ඇවිල්ලා නිකන් වැඩ කරන වගේ? මාකට් එකේ පවතින මිල දුන්නොත් මිනිස්සු ඩොලර් එවයි.
ඔබතුමා සමග අපි - ( විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ) එකඟයි. නමුත් ඊට කලින් මේ රට විනාශ කල " රාජපක්ෂලා "සියලුදෙනාවම බලයෙන් පහකොට නිතිය ඉදිරියට පමුනවා දැඩි දඬුවම් ලබාදිය යුතුයි.එහෙම නොවුනොත් අප එවන මුදල් ආයෙත් වතාවක් රාජපක්ෂ හොරු හොරකම් කරනවාමයි..පන අදින මිනිසුන්ට ආධාර ලෙස ලැබුන සුනාමි මුදල් හොරාකාපු රාජපක්ෂලාට සල්ලි පෙන්නන්න බැහැ - සල්ලි දැක්කාම කෙල පෙරනවා .
ඔය හොර ආණ්ඩුව තියෙනකල් අපි එවන්නේ නැහැ.
රාජපක්ෂ පවුල බලයෙ ඉන්න තුරු සතයක්වත් එවන්නෙ නැහැ අපි.
මම විදේශ ගත ශ්‍රී ලාංකිකයෙක් ලෙස බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නං ගොඨාභය ගෙදර යා යුතුයි. දේශපාලකයන්ගේ වත්කම් විගණනයට භාජනය කල යුතුයි. හොරාකමට තිත තබන ආණ්ඩුක්‍රම සංශෝධන ගෙන ආ යුතුයි.
මව් බිම වෙනුවෙන් උදව් කලා. නමුත් අවාසනාවට පාලනය වැරදි නිසා සියළුම දෙනා බලා සිටින්නේ හොරකමට තිත තබන කම්.