IMG-LOGO

විදේශගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ වාසියක්

(අජන්ත කුමාර අගලකඩ)

විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය ආදායම රටට ගෙන්වා ගැනීම උනන්දු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

 



අදහස් (6)

විදේශගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ වාසියක්

Mohan Tuesday, 08 March 2022 09:22 AM

මහජන බැංකුව ඔය කියන මුදල දෙන්නෑ. කලින් එවපු සල්ලිත් ඔන්ලයින් මාරුකලේ. මට කිසිම වැඩිපුර මුදලක් ලැබුණේ නෑ. මම නම් තවත් මහජන බැංකුවට සල්ලි එවන්නේ නෑ. උන්ඩියල් ක්‍රමයට 265 ක් දැන් දෙනවා

:       0       0

shantha - Qatar Tuesday, 08 March 2022 10:51 AM

එතකොට දැන්ද ලොකු ලොක්කන්ට මේක දැනුනේ...? අඩුම තරමින් වාහනයක් ගන්න කොට... ලෝන් එකක් ඇප්ලයි කරන කොටවත් පොඩි පහසුකමක් දුන්නද කවදාවත් අපිට?

:       0       0

pathirana Tuesday, 08 March 2022 11:13 AM

අන්න එහෙම හරි පාරෙන් එන්න ඕනෑ තග දාලා, බොරු කියලා වැඩේ කෙරෙන්නේ නැහැ කියලා කබ්‍රාල් මහත්තයාට තේරෙන්න ඇති.

:       0       0

ranjith Tuesday, 08 March 2022 11:20 AM

අඩුගානේ ඩියුටි ෆ්‍රී වාහනයක් ගන්න චාන්ස් එක දෙන්න...

:       0       0

fairoos Tuesday, 08 March 2022 01:04 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තියෙනකම් මොනවා කළොත් වැඩක් නැහැ. ලංකාව බංකොළොත් වෙලා ඉවරයි.

:       0       0

කුමාරි කුවේට් Tuesday, 08 March 2022 01:39 PM

මම නන්, ගෙදරට ඕනෑකරන අඩුම සල්ලි ප්‍රමාණය තමයි එවන්නේ. මොකද අපි එවන සල්ලි වලින් ලොකුලොකු අය ගහගන්න එක විතරයි කරන්නේ. ලක්ෂ ගණන් පඩි ගෙවාගෙන ලිට්‍රෝ වල ලොක්කෙක් තියාගෙන ඉන්නවා. අපේ ගෙවල් වලට ගෑස් ටැංකියක් නෑ. අපේ වාහනේකට තෙල් ගහගන්න බෑ. හැබැයි මැති ඇමැතිවරුන්ගේ වාහන පෝලිම් පිටින් පාරේ ඉගිල්ලෙන්නේ. කොරෝනා කාලේ අපි රට ඉඳන් එද්දී මරාගෙන කාපු නැති ටික විතරයි. එහෙව් අයට ගසා කන්න ඇයි අපි සල්ලි එවන්නේ...? රට ගැන හිතන්න ඕනෑ අපි විතරද? ඔන්න ඩොලර් එකට 300ක් වත් ගෙවනවා නන් එවන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site