(නිමල කොඩිතුවක්කු)
බෝම්බ ප්රහාරයන් හේතුවෙන් මියගිය විදේශිකයන්ගේ මෘත දේහ කඩිනමින් එම රටවලට රැගෙන යාමට අවශ්‍ය වැඩපිළිවළක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
එම මෘත දේහ නිදහස් කරගැනීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතනවලින් අවසර ගත යුතු වේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතු කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කර එම මෘත ශරීර නිදහස් කරගැනීමට අවශ්‍ය ලිපි ලේඛන එකම ස්ථානයකින් ලබා ගත හැකි වන ලෙසට වැඩපිළිවළක් ක්‍රියාවට නංවා ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලටත් ලක්ශේ ගානේ දෙනවද?
මේවගේ වැඩ කරන්නද ඔයාව පත්කළේ. ඕව සාමාන්‍ය නිලධාරියෙක්ට කරන්න පුළුවන්නේ. රට ගැන බලන්න කවුද හිටියේ .දැන් ඉතින් කඩා පාත් වෙන ආර්ථිකයට තව තවත් බදු හා මිල වැඩි කිරීම් කරලා දායි
හලෝ...ගුඩ් මෝනින්...!
දැන්වත් රට සුරක්ෂිත කරන්න පියවර ගන්න. රණවිරුවන් සිරගත කරන එක නවත්වන්න.
කඩිනමින් මේ රට අස්ථාවර නොකර සුදුසු අයෙකුට රට භාරදෙන්න.
අගමැතිතුමනි, හොඳට කල්පනා කරලා කරපු හොඳ වැඩක්... ඔබතුමා දක්ෂ නිවැරදි නායකයෙක් කියලා දැන් අපට වැටහෙනවා. ඔබතුමාට ස්තුතියි.
විශිෂ්ටයි ගරු අගමැතිතුමනි.
අනේ කිසි කමකට නැහැ.. මේ කරපු වින්නැහියට... ජීවිත 310ක් එකවර අහිමි කරපු කාලකන්නින්.. සුළු පක්ෂ සහ විදේශ ඕනෑ එපාකම් මත රට පාලනය කරන මහා ජාතියේ බහුතරය නැති පාලකයන් ඉන්නේ...