(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත.
මෙම පොලිස් ඒකකය නැවතත් පිහිටුවන ලෙස කෝප් කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිලධාරීන්ට නිර්දේශ කළේය.
ආයතනයේ විමර්ශන අංශයේ පොලිස් බලයත් සමග යන්නේ නම් හොඳ බව විගණකාධිපතිවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ආයතනයේ විමර්ශන නිලධාරීන් පොලිස් නිලධාරීන් සිටිනවාට කැමති නැති බව පෙනී යන බවයි.
ආයතනයේ විමර්ශන නිලධාරීන් සිටින්නේ විසි දෙනෙකු පමණක් බවත් ඒ විසි දෙනාට රට පුරා විමර්ශන කටයුතු කිරීමේ හැකියාවක් නැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd