(යොහාන් භාසුර)

විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයින් සහ ආයතන 570 ක් පිළිබඳව මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ පැමිණිලි ලැබුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම පැමිණිලිවලින් 182 ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් වංචනික ලෙස අයකළ රුපියල් 28,383,000 ක මුදලක් පැමිණිලිකරුවන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවත් එම කාර්යංශය පවසයි.

විදේශ රැකියා වංචනික සිදුවීම් සම්බන්ධයෙන් කාර්යාංශය කළ පැමිණිලිවලට අනුව කළ වැටලීම් 17 කදී පුද්ගලයන් 43 ක් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.