එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයරය ඇමතීම සඳහා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (25) උදෑසන ජිනීවා නුවර බලා පිටත්වීමට නියමිතය. 26 හා 27 දෙදින මානව හිමිකම් සැසිවාරය අමාත්‍යවරයා විසින් අමතනු ලබයි.
මෙම සැසිවාරය අතරතුර ඔහු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්, අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් සහ බ්‍රිතාන්‍ය මානව හිමිකම් පිළිබඳ ඇමතිවරයා හමුවීමට නියමිතය. මීට අමතරව ඇමතිවරයා ජිනීවාහි සිටින ශ්‍රී ලාංකිකයන් ද අමතනු ඇත. විදේශ ඇමතිවරයා නිල සංචාරය නිමකර 29 දින ලංකාවට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි. මෙහෙ පාර්ලිමේන්තුවේ වගේ එහෙදීත් බෙරිහන් දීලා කෑ ගැහුවොත්..., මරු එකට තියෙයි නේද ආයුබෝවන්...?
රට ඇතුලේ දාන සිංහ ගෝරනාඩු ගෙරවිලි ජෙනීවා ගියාම හීන් කෙඳිරිලි බවට පත් නොවේවා..!!!
බඩ පුරා ඉල්ලන්කාලා එයි. අපිට තමයි අජිරනේට තිත්ත බෙහෙත් බොන්න වෙන්නේ.
අබරන් සිල් ගත්තා වගේද?
ජිනීවා ගිහිල්ලත් බලයි තම මන්ත්‍රී ජොබ් එක රැකගන්න මොකේද ඊළඟට එල්ලෙන්න ඕනේ කියලා... මෙයා තමාට මිසක් රටට වැඩක් කරපු කෙනෙක් නෙවෙයි. තම පැවැත්ම වෙනුවෙන් සාරිවල සහ සාටකවල එල්ලුණු කෙනෙක් මෙයා..
බොරලුගොඩ වීරයාගේ පුත්‍රරත්නයට අප මෙසේ කීමට කැමැත්තෙමු. මීට පෙර මෙම සැසිවාරවලට සහභාගී වූ "නිවට නරි දේශපාලුවන්" වගේ මාතෘභූමිය පාවාදීලා නම් ආපහු මේ පැත්තේ එන්න එපා දිනේෂ් ගොයියෝ.. එහෙම වුණොත් මෙහි නොපැමිණ එම රටේම දේශපාලන අනාථයෙක් ලෙස තම ආත්ම ගරුත්වයද පාවාදීලා එහෙම ලැගලා හිටීම නුවණට හුරුයි හොඳේ... එලෙසම මෙම මහජන නියෝජිතයාටද තමන්ගේ රටේ ආරක්ෂාව පළමු තැන බව නිතරම සිහිවේවා...!!!
මෙයා විවියන්, පිලිප් සහ ලෙස්ලි ගුණවර්ධන පවුලෙන් පැවත එන ඩෙනිස් ගුණවර්ධන වන නමුත් කවුරු හෝ රවටලා සිංහල කමක් ලබාගන්න දේශපාලනයේදී දිනේෂ් ලෙස හඳුන්වා ගන්නවා. පර්සි කියලා කෙනෙකුත් මෙහෙම කරනවා.
මේ වගේ හාල්පාරුවන්ව ඒ රට ගණන් ගන්නේ නැහැ. අනික අර ස්විස් තානාපති කාර්යාල සිද්ධියේදී මෙයාලගේ කෙරුවාව ගැනත් ඇහ ගහගෙන ඉන්න බවයි ආරංචි. මේවාටත් ලැස්ති වෙලා ගියා නම් තමයි හොඳ... නියම මානව අයිතිවාසිකම් රැක්ක අයියලා..
දෙසිය විසිපහටම බනින රවින්ද්‍ර ගොයියට මෙයා මහජන නියෝජිතයෙක් වෙලා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් මෙතන කොහොම අදහස් දැම්මත් කඩේ යන්නේ කාටද කියලා.