
( තිළිණි ද සිල්වා )
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් සහය දැක්වීම සම්බන්ධයෙන්ද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටින චීන හා රුසියානු තානාපතිවරුන් කැදවා ස්තූතිය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙටිරි මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං මහත්වරුන් විදේශ අමාත්‍යංශයේදී විදේශ අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදී මේ දැනුම් දීම කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
චීනය හා රුසියාව ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සමනය කීරීම සදහා දක්වන සහය පිළිබඳව දෙරටේ රජයන්ට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනැමුවේය.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් සහය දැක්වීම සම්බන්ධයෙන්ද අමත්‍යවරයා සිය සතුට ප්‍රකාශ කළේය.
දෙරටේ තානාපතිවරුන් වෙන් වෙන්ව හමු වු අමාත්‍යවරයා චීනය හා රුසියාව සමඟ ශ්‍රී ලංකාවේ මිත්‍ර සබඳතා හා ද්වීපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අනාථ වුණේ ඔය රටවල් දෙක පස්සෙන් ගිය නිසා තමයි . ඉදිරියට තවත් අනාථයි .
ස්තූති නොකර කොහොමද? කරන උදව්වල හැටියට...
අර " කෝන්" කියලා පළතුරක් තියෙනවා දන්නවා ඇති. ඒවාට කන එක ගැන මෙන්න මෙහෙම ප්රස්ථා පිරුළක් තියෙනවා. "කනකොට පැණි කෝන් අනිත් වැඩේ කරනකොට ගිණි කෝන්" ඒවගේ තමයි මේ දේවලුත් පිනට ගන්නකොට හරි සනීපයි. ගෙවල් දොරවල් පිටින් සින්නක්කර පූජා කරන්න වෙනකොට තමයි "ගිණිකෝන්" වෙන්නේ...
ඇත්ත මෙයයි...ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අපේ රටට විරුද්ධව ගෙන ආ යෝජනා සම්මත වීමෙන් ..." අපේ රටේ සිංහල,දෙමල,මුස්ලිම් ,ජා,මැලේන බර්ගර්....වැනි මානව හිමිකම් වලට ගරුකරන සියලුම ජනතාව ලොකු ජයග්‍රහණයක් ලැබුවා..."
විදේශ ඇමතිගේ ගණන් හැදිල්ල නම් පංකාදුයි..