(තිළිණි ද සිල්වා)
විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය අද (14) නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
අදාළ වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන ඇතිඅතර වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය.
ඒ අනුව, අදාළ නිලධාරිනිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනය කර ඇතැයිද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියාය.
ආරම්භක පියවරක් ලෙස, මේ සතියේ මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී හා මීට සති 2 කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරී කටයුතු කරමින් සම්බන්ධ වූ අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයට 'ස්වයං නිරෝධායනය' කිරීමට උපදෙස් දී ඇත.
එසේම අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබේ.
අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද එම අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා රෝගය වැළදී තිබේනම් එම නිලධාරිනියට රෝගය වැළදී නොතිබෙන්න කිසිම හේතුවක් නැත. ඇය දැන් එම රෝගය විදේශ අමාත්‍යාංශය පුරාම සම්ප්‍රේෂණය කර තිබෙන්නත් පුළුවන් බව මා දන්නා හඳුනන දොස්තර කෙනෙක් මෙන්ම බොහෝ දෙනෙකුගේද අදහසයි. ඔවුන්ගේ අදහස අනුව සමහරවිට මෙම වෛරසය ඇමති දිනේෂ් ගුණවර්ධන දක්වා ඔඩුදුවා ඇත්දැයි සාධාරණ සැකයක් ඇතිවී තිබෙන බවයි. එහෙම උනොත් එය අගමැති, ඇමති මණ්ඩලය හෝ සමහරවිට ජනාධිපතිවරයා දක්වාම පැතිරී යාහැකි නිසා රට කරවන ඇත්තන් ආරක්ෂා කිරීමට විශේෂ පියවර ගත යුතු බව ඔව්හු කියති. මහා මැතිවරණයක් අතළඟ තිබෙන මොහොතක, මෙය නම් සුබ ආරංචියක් නොවේ.
දිනේෂ්ටත් කොරෝනා හැදිලලු.. එයාගේ ලේකම්තුමා කාටද ටෙලිෆෝන් කරලා කියන එක ඇහුණු විදේශ අමාත්‍යාංශයේ කෙනෙක් මට කිව්වා...
එතකොට දිනේෂ්ව නිරෝධානයට ලක්කරන්නේ නැතිද ?
එතකොට විදේශ කටයුතු ඇමතිතුමාට කොරෝනා හැදිලා නැද්ද?
මෙයින් පෙනෙන්නේ වරප්‍රසාද ඇති අය නිරෝධායන ක්‍රියාවලි හෝ වෛද්‍ය පරීක්ෂණ වලින් තොරව රටට ඇතුළු වන බවයි. පහුගිය දවස්වල දේශපාලන ගිනි ජාලයකට මැදි වූවෙකුත් මැද පෙරදිගට ගොස් පැමිණියා. ඔහු සහ පිරිස වහාම නිරෝධායනයකට ලක් කළ යුතුය. සමහරුන්ගේ ඇඟේ විෂබීජ තිබුනාට පිටින් ඒක සොයා ගැනීමට අපහසුයිලු.
රෝගය ලොව පුරා බෝවෙන ලකුණු පහළවෙන වමෙ වදෙස් සබදතා නවතා දැමුවනම් මීට වඩා යහපතක් වෙන්න ඉඩ තිබ්බා. ඒත් අපේ සෞඛ්‍යය අංශ එවැනි දේවල් ගැන බුද්ධිමත් නැහැ. ඔවුන් වඩාත්ද දක්ෂ වැඩ වර්ජන වලට හා ඉල්ලීම් දිනාගැනීමට.
ඒ කියන්නේ විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියගේ පවුලේ සාමාජිකයන්ටත් විදේශ සංචාර වලට සහභාගි වෙන්න පුලුවන්ද ?