
(කුෂාන් ජයවර්ධන)
විදුලිසැර වැදීමකින් ගල්නෑව හුරීගස්වැව ප්‍රෙද්ශයේ වයස අවුරුදු 16 ක පාසල් සිසුවකු අද (21) පස්වරුවේ සිදුවූ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හුරිගස්වැව සුදර්ශනගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි චක්ෂන ඉඳුසර විජේරත්න නමැති 16 හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය කියයි. ඔහු මකුළෑළව මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.
ගෙවත්තක තිබූ ගසක අත්තක් කපමින් සිටි අවස්ථාවක දී එම සිසුවා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබිණ. කපමින් සිටි අත්ත විදුලි රැහැන් මතට වැටීමෙන් සිදුවූ අනතුරෙන් සිසුවා විදුලි සැර වැදීමකට ලක්ව ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
හුරීගස්වැව පොලිස් ස්ථානය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd