(ඩයනා උදයංගනී)
මේ වන විට විදුලිබල මණ්ඩලය ලාභ ලබමින් පවතින බවත්, විදුලිබිල යළි වැඩිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, හිටපු විදුලිබල ඇමැති, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
විදුලි බිල වැඩි කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝම්බර් මස ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 28කට අධික ලාභයක් ලබා ඇතැයි කී මන්ත්‍රීරයා, ක්‍රමයෙන් එයට මුදල් ගලාගෙන එන නිසා පාඩුයි කීමට නොහැකි බව ද සඳහන් කළේය.
පාඨලී චම්පික මහතා මේ බව පැවසුවේ 43 වන සේනාංක කාර්යාලයේ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 18කට හා වෙනත් ආයතන 4ක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය හා අනුබද්ධ ආයතන 22 ක් ලෙස පවත්වාගෙනයාමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි කී රණවක මහතා විදුලිය නිපදවන ජලාශ සමාගම්කරණය කළහොත් ජනතාවගේ පානීය හා ගොවිතැනට අවශ්‍ය ජලය අහිමිවිය හැකි බව ද කීවේය.
රුපියල් 56ක් වන විදුලි ඒකකය රුපියල් 29 ට විකුණන බවට විදුලිබල මණ්ඩල ප්‍රධානීන් හා ඇමතිවරයා කරන ප්‍රකාශ පට්ටපල් බොරු බව කී මන්ත්‍රීවරයා විදුලිබල මණ්ඩලය විදුලිය ලබාගන්නේ ලක්ෂපාන බලාගාරයෙන් ඒකකයක් රුපියල් 2.41 බැගින්, මහවැලි විදුලිය ඒකකය රුපියල් 2.70, සමනල විදුලිය ඒකකයක් රුපියල් 3.68 වැනි මිල ගණන් යටතේ බවත්, මෙරට අඩු ප්‍රමාණයෙන් විදුලිය පරිභෝජනය කරන දුගී ජනතාවට එම විදුලිය ප්‍රමාණවත් බව ද කීවේය. ජල විදුලි බලාගාරවල ණයගෙවීමට රටකජු විකුණන හා හිඟමන් යන, යාචකයාගේ සිට සියලුදෙනා බදු ගෙවා ඇති බැවින් ඔවුන්ට එම විදුලිය ලැබිය යුතු බව ද ඔහු පැවසීය.
ඩීසල් බලාගාර ක්‍රියාත්මක කර ඇත්තේ අධික විදුලියක් භාවිතා කරන ගෘහස්ථ, වාණිජ, කර්මාන්ත පාරිභෝගිකයන් බැවින් ඔවුන් එය ගෙවිය යුතු බව ද රණවක මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. වත්මන් ඇමැතිවරයා හා මුදල් ඇමැතිවරයා එහෙනම් මොකක්ද කරන්න හදන්නේ කියලා පැහැදිලි නැහැ. සෝදමින් මඩේදානවා වගේ තෙල් මිල හා විදුලි බිල් ගැන විකාර' කියවන්නේ වත්මන් ජනාධිපති පත්වීමට පෙර තත්වය සිහිපත් කිරීමටද? කියලා හිතෙනවා.. මොකද ලංකාවේ අයට යමක් මතකයේ තියෙන්නේ දින හතයිනේ...
මම රණවක මහත්තයාගේ වීඩියෝ එක දැක්කා... සියල්ල හොඳට පැහැදිලි කළ මණ්ඩලේ ලෑස්තිවෙන්නේ මාටියා පාරක් ගහන්න.
ඔබගේ යූටියුබ් වීඩියෝව මම බැලුවා. සියල්ල හොඳට මිලගණන සහ සාධක සහිතව පැහැදිලි කරලා තිබෙනවා. ස්තුතියි..!
100% correct. I agree with you format Minister of power
අනිවාර්යයෙන්ම විරුද්ධව සටන් කරනවා. වැඩි කරලා බලපල්ලකො. පාඩමක් ඉගෙන ගන්නේ මේ පාර මුලු නඩයම.
ලංකා විදුලිබල මණ්ඩල කුඩා ජල විදුලිබලාගාර සහ ‘සෝලා’ ඇතුළු සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 72 ක් හෙවත් රුපියල් කෝටි 7,200 ගෙවීමට ඇති බවත්, එම ගෙවීම් කොටස් ලෙස ගෙවමින් සිටිය ද මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙසේ වගකීම් ලෙස එකතු වී ඇති බවත්, මෙම වසරේ ඔක්තෝබර් මස වන විට විදුලිබල මණ්ඩලයේ වගකීම් රුපියල් බිලියන 655 ක් හෙවත් රුපියල් කෝටි 65,500 ක් බවත් , එම වගකීම් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු බිලියන 57 කින්, පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීම්වලට ගෙවිය යුතු බිලියන 77 කින්, කුඩා විදුලි බලාගාරවලට ගෙවිය යුතු බිලියන 36 කින්, ‘සෝලා’ කෙටි කාලීන ණය සහ සැපයමුකරුවන්ට ගෙවිය යුතු බිලියන 36 කින්, බැංකු ණය බිලියන 131 කින්, ව්‍යාපෘති ණය බිලියන 295 කින් සහ වෙනත් ණය බිලියන 20 කින් සමන්විත බවත් සඳහන් කළ යුතුය.