(ඩයනා උදයංගනී)
විදුලිබල නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
විදුලි පහන් සාමාන්‍යයෙන් නිවා දමන වේලාවට වඩා පැයකට පෙර නිවා දැමීම, ඉදිරි මාස තුනක කාලයේදී නිවෙස්වල විදුලි පහන් දෙකක් නිවා තබන ලෙස ජනතාව දැනුම්වත් කිරීමථ රාජ්‍ය ආයතනවල, ආගමික ස්ථානවල හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10කින් අඩුකිරීම සඳහා කටයුතු කිරීම, අනවශ්‍ය විදුලිපහන් නිවාදැමීම ආදී පියවර මේ යටතේ ගැනීමට නියමිතය.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඉතා අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීමෙන් සැළකිය යුතු විදුලි ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාමාර්ගයන් ගෙන ඇත.
දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලූම සපුරාලීම ගැටලූවක් වී ඇති බැවින් මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම වදුලි උපකරණ පාවිච්චිය තහනම් කරන්න පහසුම ක්‍රමය එයයි.....
නිෂ්පාදන වැඩි නොකර අලුත් සම්බන්දතා කීයක් නම් දුන්නද? සජිත් සහ පාඨලී හදන ගෙවල්. පෞද්ගලික අපර්ට්මන්ට් කීයක් හැදුනද. මේවත් බලපෑවානේ. අනික අපර්ට්මන්ට් සහ ජනාකීර්ණ බොහෝ ප්‍රදේශ වල වායූසමීකරන හෝ ෆෑන් නැතුව දවල්ටත් ඉන්න බෑනේ. දැන්වත් නිශ්පාදනය වැඩි කරගන්න ඕන. නැත්තම් ඉතින් 2000 වගේ රිනම වෙලා යාවී ආර්ථිකේ...........
වැස්ස වලාහක දෙයියොත් පෞද්ගලික විදුලි බලාගාර අයිතිකාරයින්ගෙන් අල්ලස් අරගෙනද කොහෙද?
ඇයි අමිල මහත්තයෝ දැන් ආර්ථිකය ධනද?
ඒ වගේම නිෂ්ඵල කතාවලට කාලේ නාස්තිකරන තැන්වල, කතාවලට වෙන් කරන කාලය අඩු කරලා, එක තට්ටුවක් නගින්න බැරි අයට දාපු අලුත් සෝපාන අක්‍රීය කරලා එහෙම විදුලිය පිරිමහන්න ලේසියෙන් පුළුවන්. ඇමැතිවරුන්ගේ තේජසින් ඒ ඇමති කාර්යාල බැබලෙන නිසා ඒ තැන්වලට විදුලි පහන් ඕනෑවෙන්නේ නැහැ.
මුළු ලෝකෙම ඉස්සරහට යද්දී ලංකාවේ බුද්ධිමත් ජනතාව එකතු වෙලා පත් කර ගත්තු නායකයෝ මුළු රටම ගෙනියන්නේ සුද්දා මේ රටට එන්නත් කලින් යුගයකටයි...
මේ ආණ්ඩුව 2015 මිනිස්සුන්ට බොරු කරලා මෛත්‍රීගේ කරපිටින් බලයට ඇවිත් සැලසුමක් ඇතුව ක්‍රියාකරපු ආණ්ඩුව ගෙදර යව්වා.. ලංකාවේ මිනිස්සුන්ට සන්සන්දනය කරන්න හැකියාවක් නොමැති නිසා... චන්ද්‍රිකා රට කාපු විදිය අමතක වුණා මිනිස්සුන්ට.. ගිය නුවණ ආයෙත් ගන්න නොහැක... ලංකාවේ මිනිසුන්ගෙන් ඉල්ලන්නේ ආයෙත් මෝඩ වැඩ කරන්න එපා..
ඔය රවි කරුණානායක මහතාගේ ගෙදර තියෙන ඒසී ඕෆ් කරලා රටටම ආදර්ශයක් දුන්නා නම් හොඳයි නේද? ඇමතිවරුන්ගේ ගෙවල්වල විදුලි නාස්තිය සාමාන්‍ය ගෙවල් කීයක් වෙයිද?
වහිනකොට නිදි... පායනකොට කෑගහනවා. වැහිවතුර රඳවාගන්න බැරිද?
කාලගුණය පාලනය කරන්ඩ රජයකට බැහැ. ඒ වගේ ප්‍රශ්නයක් ආවම දේශපාලන වාසි ගන්නැතුව මිනිස්සු රටට උදව් කරන්න ඕන. මම ඉන්නෙ ලංකාවට වඩා දියුනු රටක. හැබැයි වැස්ස නැති කාලෙට ගෙවල්වල වාහන හේදීම, පැලවලට වතුර දැමීම පවා මෙහෙ සීමා කරනවා. මිනිස්සු රජයට බනින්නෑ, සහයෝගය දෙනවා
රජය මෙන්ම ජනතාවගේ අතේත් වගකීමක් තියෙනවා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සබැඳිව...
අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම, සියලුම රෙදි එකවර මැද දැමීම, ශීතකරණය විවෘත කරන වාර ගණන අඩු කිරීම, අඩු ධාරිත්‍රකයක් සහිත විදුලි බුබුළු ප්‍රයෝජනය, විදුලි උපකරණ භාවිතය අවම කිරීම... වැනිදෑ කළ යුතුය.