
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා මෙම වසරේ ද නොදීමට එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය ලාභයක් ලැබුව ද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලි ගාස්තු අඩු කිරීමට යොදවා ඇති බව කී එම නිලධාරියා ඒ හේතුවෙන් මෙම වසරේ ද ප්‍රසාද දීමනා ගෙවීමේ හැකියාව නැතැයි සඳහන් කළේය.
ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාවක් දෙන ලෙස කළ ඉල්ලීම පිළිබඳව විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ සළකාබැලීමේදී මෙම තීරණයට එළඹ තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය පසුගියදා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් ජයලාල්ට පාරේ බැහැලා යන්න බැරිවෙන්න වැඩේ කළා. කොහොමද රංජන් ඇඬෙන්නම දුන්නනේ NPP එක...
ජනතාවට දුන් පොරොන්දු අමතක කිරීම මේ රටේ දේශපාලනඥයින්ගේ පුරුද්දක්...
ඒකට නම් ආණ්ඩුවට අපිත් අත්පුඩියක් ගහනවා. කංචන කියපු දේ අහන්න වුණා එහෙනම් ආණ්ඩුවට...!
ඉතාමත් කාලෝචිත අදහසක් කියන්න පුළුවන්... ඔවුන්ට ප්‍රසාදයට දීමනා දෙනවා නම් විදුලිය ලබාගැනීමට පාරිභෝගිකයින් තැන්පත් කරන මුදල් සඳහාත් මණ්ඩලයේ අයට ප්‍රසාද දීමනා ගෙවන සෑම අවස්ථාවකදීම තැන්පතු වෙනුවෙන්ද ප්‍රසාද දීමනා මෙතෙක් හිඟ මුදල් සමගම ගෙවීමට අනිවාර්යයෙන් කටයුතු කළයුතුයි...