
(සුජිත් හේවාජුලිගේ)
ලබාගත් විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට ගෙවීම මේ දක්වා පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 4800ක් දක්වා ඉහළ නැග ඇතැයි එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංග මහතා ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන් මතුවී ඇති මූල්‍යමය අර්බුදය නිසා විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත්කරුවන්ට සහ පෞද්ගලික විදුලි නිෂ්පාදකයන්ට මුදල් ගෙවීම මේවනවිට බරපතළ ගැටලුවක්වී ඇතැයි සඳහන් කළ සාමාන්‍යාධිකාරීවරයා පෞද්ගලික විදුලිය නිෂ්පාදකයන්ට මාස හයෙන් හයට මුදල් ගෙවීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
මූල්‍ය අර්බුදය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මේ මාසයේ වැටුප් ගෙවනු ලැබුවේද ඉතාම දුෂ්කරව බවත් මණ්ඩලයේ කටයුතු සඳහා කෝටි 2,500ක බැංකු ණයක් ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන් ගෙවීමට ඇති හිඟ මුදල එල් එම්.ජී බලාගාරයක් ඉදිකිරීමට යන මුදලට සමාන එකක් බවද හෙතෙම සඳහන් කළේය.
මෙම හිඟ මුදල මීට මාස කිහිපයකට පෙර පැවතුණේ රුපියල් කෝටි 4500ක් ලෙස යැයි විදුලිබල බල මණ්ඩලය පවසයි.
ඉදිරි දින කිහිපයේදීවත් තම හිඟ විදුලි බිල්පත් නොපමාව ගෙවීමට කටයුතු කරන්නැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළියගේ එක් කෝටි විසිපන් ලක්ෂය ගෙව්වාද? ජනක රත්නායකගේත් තියෙනවා නේද? තංගල්ලේ කාල්ටන් බංගලාවේ හිඟ තියෙනවා කියල පත්තරේ තිබුණා. ඒවා ගන්නේ නැතිව අහිංසකයින්ගේ රිපියන් 1,000ට විදුලිය විසන්ධි කරන්න එපා....
මැති ඇමතිවරුන් ඇතුලු සියලුම දේශපාලනඥයින් සහ සාමාන්‍ය පාරිභෝගිකයින් විදුලි බිල නොගෙවා ඇත්තේ නම් බිල් ගෙවා අවසන් කරන තෙක් විදුලිය විසන්ධි කිරීමට නොහැක්කේ මන්ද ? බලපෑම් තිබේද ?
විදුලිය දුන්නම ඕක අයකරගන්නෙ කොහොමද කියල ක්‍රමවේදයක් හදාගන්න බැරි ආයතනයක්. නිකන් දෙන ආකල්ප වෙනස්කරපල්ලා. එහෙනම් dialog එකෙත් ඔහොම වෙන්න එපාය.
මොකක්ද පොල්ල? විදුලිය අත්හිටවනවා.
ජනතාවගෙන් ඉල්ලන්න කලින් කොම්පැනි හෝටල් කාරයින්ගෙන් ඉල්ල ගන්න.ඔයාලගෙ මහලොකු මහජන උපයෝගී කොමිසම සබාපතියගේ හොටෙල් එකෙන් ඉස්ස්ලාම ඉල්ල ගන්න..