(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු නියාමනය සඳහා ස්වාධීන ආයතන පහක් පිහිටුවීමට එහි ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර ඇති බව එම කමිටුවේ සාමාජිකයෙක් කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී පසුගියදා පැවසීය.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය සඳහා කිසිදු යෝජනාවක් කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.
මෙම කරුණු අනාවරණය වූයේ විදුලිබල ක්ෂේත්‍රයේ කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී පසුගියදා සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේදීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.