(යොහාන් භාසුර)
මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරේ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බව මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ඒ සඳහා එකඟතාව පළ කළ බවත් මෙම ප්‍රසාද දීමනාව අත්හිටුවීමෙන් රුපියල් බිලියන ගණනක් වන බවත් ජනක රත්නායක සභාපති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩු ලබන බව පවසමින් විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිලේ බර පටවා තිබියදී එවන් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වෙනුවෙන් බෝනස් ගෙවීම ගැන කතා කිරීම පවා නොවිය යුත්තක් නොවේද?
සාමාන්‍යයෙන් ලාබලබන ආයතනේ බෝනස් දෙන්නේ. එතකොට මෙච්චර කල් බෝනස් ලාබ ලබලා මේපාර පාඩුනිසා වෙන්න ඇති බෝනස් එපා කියන්නේ. මේක තනිකරම හොරකම උතුරලා යන නිලධාරි මෙන්ම සේවක මාෆියාව පිරුණු තැනක්...
ඒ තීරණය ඉතාම හොඳයි. රටේ ජනතාව දැන් ඉන්න දේශපාලුවන්ට සහ රජයේ නිලධාරින්ට දෙස්දෙවොල් තබමින්... මේ දෙගොල්ලොම නිසා තමයි රටට මෙහෙම වුණේ... මේක සමහර හොඳ නිලධාරීන්ට අදාළ නොවේ. එහෙම අතළොස්සක් තවම හොඳ නිලධාරීන් ඉන්නවා.
ආයතන පාඩුයි... ප්‍රසාද දීමනා බිලියන් ගණනින් ගෙවලා, කවුද මේවා පාලනය කරන්නේ? කාංචනද?
පාඩු ලබන ආයතනවලින් බෝනස් දෙන්නේ ලංකාවේ විතරයි...