(අංජුල මහික වීරරත්න)

ලංකා විදුලිබල පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විදුලිබල ක්ෂෙත්‍රය සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් වර්තමාන ආර්ථික සාමාජීය හා පාලන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් නව විදුලිබල පනතක් හඳුන්වාදීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති  අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.