IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලිබිල ගැන සාකච්ඡා කඩා වැටේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර පැවැත්වුණු සාකච්ඡාව එකඟත්වයෙන් තොරව අවසන්වූ බව එම ආයතන ප්‍රධානීහු  ජාතික සභාවට අද (14) දැනුම් දුන්හ.

විදුලිය බිල සම්බන්ධයෙන් සාකච්ඡා කර පැහැදිලි තීරණයකට එන්නැයි  ජාතික සභාව විදුලිය බල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඊයේ (13) දැනුම් දුන්නේය.

දෙපාර්ශවය අතර විදුලි බිල සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වුණේ ඒ අනුවය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ විදුලිබිල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය හෙට (15) ලබාදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන කංචන විජේසේකර,  ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන්වන  ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක සහ  සාගර කාරියවසම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (2)

විදුලිබිල ගැන සාකච්ඡා කඩා වැටේ

පැරකුම් Tuesday, 14 February 2023 02:09 PM

මොනවද ඔය තරම් සාකච්ඡා කරන්නෙ. පොදුවෙි හැමෝටම 5% කින් විදුලි ගාස්තුව වැඩි කරන්න. කිසි කෙනෙක් විරුද්ධ වෙන්නෙ නෑ. ආදායම ඕනවටත් වැඩිය එනව. ලොක්කන්ට සපෝට් කරල පොඩිඋන්ට එලව එලව ගහන මේ ආණ්ඩුවේ වසල ප්‍රතිපත්තිය වෙනස් වෙන්නෙ නෑ.. ඊලග චන්දෙදි උත්තර දෙන්න අපි ලෑස්තියෙන් ඉන්න බව කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොදයි…!

:       3       7

jayaTuesday, 14 February 2023 04:31 PM

කතා මොකුත් ඕන නෑ. ඔයාලා අපිට යුනිට් එකක් රු 30 දුන්නොත් අපි ගන්නවා. නැත්තන් අපි පැනල් ගහලා හදා ගන්නවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site