(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය පාඩු ලබන නිසා මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත් පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පස්වරුවේ පැවසීය.
මහජන උපයෝගිතා කොමිසම යහතින් සිටින තාක්කල් කිසිඳු තුන්වැනි පාර්ශවයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව කී සභාපතිවරයා විදුලි ගාස්තු ඉහළ දමන ලෙස 2017 වසරේ තමන් ඉල්ලීමක් කරන තෙක් කිසිවෙක් එවැනි ඉල්ලීමක් නොකළ මෙන්ම එසේ ඉල්ලීමක් කර බව කියන ප්‍රකාශ අසත්‍ය බව ද සඳහන් කළේය.
විෂය භාර අමාත්‍යවරයා පැය හත අටක් විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමට සූදානම් වන බවත් ඒවගේ දෙයකට මහජන උපයොගිතා කොමිසම කිසි දිනක නොදෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා නිතරම ජනතාවගේ පැත්තේ සිටගන්න බව පෙනීයනවා. ඔබට ස්තූතියි.
සභාපතිතුමා මසකට වඩා කාලය ගතවී බිල් දුන්නොත් විශාල මුදලක් වෙනවා එය ගෙවීමට දුප්පත් අපිට හැකියාව නැහැ එනිසා බිල්පත් මාසෙකට වතාවක් (දින තිහකට වරක් ) ලබාදීම කරවන්න එහෙම බැරිනම් විදුලිය ඇප් එක මගින් ගණන් බලා පාරිභෝගික අපිටම ගෙවීමට පහසුකම් සලසන්න.
පාඩු ලැබුවේ මේ අවුරුද්දෙ විතරද? සමහර සේවාවන් මන්ඩල, සංස්ථා කරගෙන තිබෙන්නේ සීමා රහිතව OT ගන්නයි බෝනස් ගන්න අනිකුත් පහසුකම් ලබන්නයි. බෝනස් විතරක් නොවෙයි පඩිත් අඩු කරන්න . කැමතිනම් ඉඳ පල්ලා බැරිනම් පලයල්ලා.
රෙස්පෙක්ට් කරනවා මේ තීරණය ගැන. දැන් වෘත්තීය සමිති ටික බෝනස් ඉල්ලා පාරට බහීවි. ඒත් දෙන්න එපා. බිල් එක වැඩි කරන්න කියන්නේ පාඩු නිසා නම්. පාඩු ලැබූ ආයතනයකට කොහොමද බෝනස් දෙන්නේ.
උපයන විට ගෙවීම් තමන්ගෙ වැටුපෙන් කරන්න තිබුනත් ඒකත් මණ්ඩලයේ මුදලින් ගෙවපු මිනිස්සු ඕව අහයිද මහත්තයෝ. බෝනස් ගෙවන්න ඕන ලාභයක් තිබේනම් පමණයි. එහෙම නැතුව පාඩුවක් තියෙද්දි ගෙවන්නෙ මොකටද? එනිසා පාඩුලැබූ කාලවලදී ගෙවූ බෝනස් නැවත අයකරන්න ක්‍රමයක් නැද්ද? කොමිසම මේවා ගැනත් අවධානය යොමුකරන්න.
ඇමතිවරයා කියන විදියට විදුලිබල මණ්ඩලය පසු ගිය කාලේ දිගටම පාඩු ලබලා. එහෙම නම් එම වසරවල බෝනස් ගෙව්ව නම් ගෙව්වේ කොහොමද?
ඔබ නිවැරදිය. පාඩු ලබන ආයතන වල බෝනස් ගෙවන සිරිතක් ලෝකේ කෙහෙවත් නැත.
මොහු පසුගිය කාලේ තෙල් ,ගල් ,අඟුරු සහ ගෑස් මිල ගණන සම්බන්ධයෙන් කියපු දේවල් වල විශාල සතයක් තිබුනා .විදුලි බිල ගැන දරන මතයට මමත් එකඟ වෙනවා .මොහු ගැන අපට යම් විශ්වාසයක් තබන්න පුළුවන්
සමහර මනු කියවන්නන් බොරු මනු කියවීම් දමලා බිල් හදනවා ඇස්තමේන්තු කළා කියලා .එහෙම කරාම වැඩි යුනිට් ගණනකට හැදුවොත් බිල ලොකු ගණනකින් වැඩිවෙලා පාරිභෝගිකයාට අසාධාරණයක් වෙනවා.මේ හොර වැඩ නවත්වන්න නීති ගේන්නත් ඕනේ .සමහර දුප්පත් මිනිස්සු මේවා ගණනය කරන්න දන්නේ නැහැ .දෙන බිල කොහෝම හරි ගෙවනවා
ඔබ අවංක නම්, අපගේ ප්‍රණාමය. පාඩු ලබන ආයතන වල බෝනස් ගෙවන සිරිතක් ලෝකේ කෙහෙවත් නැත.
පාඩු ලබන රජයේ ආයතනවල සේවක සංඛ්‍යාව අඩු කරනු. පඩි අඩු කරනු. ඔවටයිම් 'තහනම්" කරනු.
තීරණය හොදයි .ප්‍රමාද වී ගත්.නමුත් විෂය භාර ඇමැති ගෙඩිය පිටින් දීලා ඒක දුප්පත් මහජනතාව ගෙන් ම ගන්න බලා ඉන්නෙ . එයාට කරන්න වැඩ මොන තරම් තියෙනවා ද ? විදුලි බල මණ්ඩලයේ නාස්තිය හා දූෂණය වැලැක්වීමට ,නුසුදුසු අය ඔවුන්ගේ පුටුවලින් ඉවත් කර සුදුසුකම් සහිත ව්ර්තියේ පලපුරුදු ක්ෂේත්‍රය ට අදාළ පුද්ගලයන් පත්කිරීම ,අකාර්යක්ෂම හා අතිරික්ත සේවකයන් ඉවත් කිරීම ,එකම කාර්‍යට බදවාගෙන සිටින සේවකයන් සිටියදී එම කාර්‍යට කොන්ත්‍රාත් කරුවෝ බද්වා ගැනීම ආදී කටයුතු රාශියක් ඇති බව මේ ඇමැති තේරුම් ගත යුත්තේය.
සියලුම සංස්ථා ආයතන දෙපාර්තමේන්තු වල බෝනස් නතර කිරීමත්, අතිකාල සීමාකිරීමත් මූලික වැටුප හැර සියලු දීමනා කපා හැරීමටත් රජයට හැකියාව තියෙනවා. අවුරුදු 02කට මූලික වැටුපකට සීමා කරලා ටැක්ස් එක අයින් කරන්න.