IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට

(ජයරත්න වික්‍රමාරච්චි)

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.

මෙම අනතුර 28 වැනිදා රාත්‍රීයේ දී  සිදුවී ඇති බවත් එහිදී මිය ගොස් ඇත්තේ සමරසිංහ ආරච්චිගේ ස්ටැන්ලි තිලකරත්න (අවු:55) සහ චන්ද්‍රිකා මල්කාන්ති (අවු:52) නම් වූ යුවළ බවත් පොලීසිය පවසයි.

මිය ගිය දෙදෙනා විසින් තමන් පදිංචි නිවස ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් එම ව්‍යාපාරික ස්ථානයට විදුලිය සම්පාදනය කර ගෙන තිබූ බව කියන වයරයක දෝෂයක් නිරවුල් කිරීමට ගිය සැමියාට එහිදී විදුලියසැර වැදී ඇති බවට බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

එහිදී සැමියා බේරා ගැනීමට ගිය බිරිඳ ද ඊට බිලි වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

පසුව අවට පදිංචිකරුවන් විසින් දෙදෙනාවම මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් සිට ඇති බවත් කියයි.

 



අදහස් (1)

විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට

Kumar Friday, 29 November 2024 08:27 PM

ලංකාවෙ නිවෙස්වල ට්‍රිප් ස්විච් නැද්ද? ලෝබකමට ඉතිරිලා මිනීපෙට්ටියට ඊට වැඩිය වියදම් කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1543 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site