
(කුෂාන් ජයවර්ධන)
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
සිය නිවසේ ඇද තිබූ විදුලි රැහනකින් ඇයට මෙලෙස විදුලිසැර වැදී ඇතැයි සිදුකළ මූලික විමර්ශණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
විදුලි සැර වැදීමකට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ පුබ්බෝගම කටුපත්තාගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අබේකෝන් සෙනවිරත්න පණ්ඩිත මුදියන්සේලාගේ ගෙදර උපේක්ෂා ප්‍රසංගනී පාලනී නමැති 31 හැවිරිදි දෙදරු මවක බවත් අනතුර සිදුවන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ ඇය හා ඇයගේ කුඩා දරුවන් දෙදෙනා පමණක් බවත් පොලිසිය කියයි.
විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ සිටි එම දෙදරු මව ප්‍රතිකාර සදහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට අසල්වාසීන් එක්ව කටයුතු කළද දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.
මියගිය කාන්තාවගේ සිරුර දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබූ අතර ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd