
(රොමේෂ් මධුසංක)
මන්නාරම පරම්පකණ්ඩාල් ප්‍රදේශයේදී සද්දන්ත වන අලියකු විදුලිසර වද්දවා මරා දැමු පුද්ගලයකු අද (27) දින සැකපිට අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම සේවක නිලධාරීවරයාට දැනුම් දීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලිසියට සහ වන ජීවී නිලධාරී කාර්යාලයට දැනුම් දී තිබේ.
මියගිය වනඅලියා ආසන්නයේ කුඹුරක්ද ඇති අතර කුඹුර ආසන්න කැලෑවකදී වන අලියා මිය ගොස් සිටි ඇති හෙයින් එම ස්ථානයට පැමිණි වන ජීවී නිලධාරින් කරන ලද පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ අදාළ වන අලියාට විදුලිසර වද්දවීමෙන් මිය ගොස් ඇති බවටය.
අනතුරුව පොලීසිය සහ වනජීවි නිලධාරීන් විසින් අවට කරන ලද සෝදිසි කිරීමකදී ආසන්නයේ පිහිටි පුද්ගලයකුගේ නිවසේ වන අලියාට අඳින ලද විදුලි රැහැන් සගවා තිබීම හේතුවෙන් එම පුද්ගලයා අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
මිය ගිය වනඅලියා අවුරුදු 15 පමණ වයසැති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීරි අලීන්ට මහජනතාව නිති පතා වීනා වාදනා කිරිමෙන් අලීන් අත්වන ඉරණම මේකයි