(කේ බුද්ධික කුමාරසිරි සහ එච් එස් ඒ නන්දන)

අධි බලැති විදුලි පහනක් සවිකිරීමට ගිය පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ 28 හැවිරිදි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මෙලස මියගොස් ඇත්තේ මෙයට මාසයකට පමණ පෙර විවාහ දිවියට එළැඹුණු පාදුක්ක තුන්නාන කූඩළුවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හොරණගේ ඉෂාර මධුශංක නමැති 28 හැවිරිදි ප්‍රදේශයේ දේවාලයක සහයකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකි.

ප්‍රදේශයේ විහාරස්ථානයේ කඨින පෙරහැර නිවස ඉදිරිපිටින් ගමන් කරනා බැවින් ඒ වෙනුවෙන් මාර්ගය ආලෝකමත් කල යතු බව පවසා මියගිය පුද්ගලයා විසින් නිවස තුල තිබූ අදාල අධි බලැති විදුලි පහන සවි කිරීමට පෙර එය ක්‍රියාත්මක තත්වයේ පවතීද යන්න පරීක්ෂා කර බැලීම සදහා යාමේදී මෙම අනතුර සිදුව ඇත