
(සමන් පාලිත නානායක්කාර)
දිවුලපැලස්ස තෙල්දෙණියාය 16ඇළ ප්රාදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි බව කියන විසිතුන් හැවිරිදි තරුණයෙකු ඊයේ (5) සවස එම කුඹුරට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිවුලපැලස්ස පොලීසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අංක 22 වැවපිටිය දිවුලපැලස්ස පදිංචි වී සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ දිල්ශාන් රංජන ( 23) නමැති තරුණයෙකි.
කිසිවෙකු විසින් එම කුඹුරට ඇද තිබූ අනවසර විදුලි රැහැන් වල පැටලී මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවෙකු විසින් එදා තිබුණු විදුලි රැහැණක් කියන්නේ, එම තරුණයා කුලියට ගොයම් කපන තරුණයෙක් වෙන්න පුළුවන්. පව් සමහර මෝඩ මිනිසුන් කරන හොර වැඩ නිසා අහිංසක තරුණයකුගේ ජීවිතයක් නැති උනා. අනවසර විදුලි රැහැණ එදපු පුද්ගලයාගෙන් මියගිය තරුණයාගේ පවුලේ අය විසින් නීති මාර්ගයෙන් ලොකු වන්දියක් ලබාගෙන ඔහුට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. අපරාදෙ තරුණ ජීවිතයක්. ඔහුට නිවන් සුව ප්රාර්ථනා කරමි.