
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂය විදුලි බිල සියයට තිස්පහකින් වැඩි වන බව කිව්වත් වැඩි වන්නේ සියයට දහ අටකින් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
කෙසේ වෙතත් පානීය ජල ගාස්තු වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජල බිල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරැ දෙමිනි
අනුර කරුණාතිලක මහතා මෙසේද පැවසීය.
පානීය ජල ගාස්තුව වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නෑ. ජල ගාස්තු වැඩි කරන්න යනවා කියලා විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. මොන ආරංචි මාර්ගයක් පදනම් කරගෙනද ඒ ප්‍රකාශය කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
විදුලි බිල වැඩි කරන බව ඔබ කියන්න කලින් රටට කිව්වේ අපි. විදුලි බිල එක්කම ජල බිලත් වැඩි වැඩිවෙනවා කියලා අපි අනුමාන කරනවා. ඔබතුමාලා විදුලි බිල සියයට තිස්තුනකින් අඩු කරනවා කියලා සියයට දහඅටකින් වැඩි කරනවා. විදුලි බිල වැඩි වන නිසා ජල බිල වැඩිවේවි කියන සැකය මත තමයි ප්‍රශ්නය අහන්නේ.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලි බිල සියයට දහඅටකින් ඉහළට
ranjith Friday, 23 May 2025 08:00 PM
හැමදේම අඩුකරනවා කියලා ඇවිත් හැම දේම වැඩි කරනවා. තව ඡන්දෙත් දෙන්න කියලා ඉල්ලනවා. ලැජ්ජා නැතිව.
නිමල් Friday, 23 May 2025 09:01 PM
නෑ කියන ගොඩාක් දේවල් පස්සේ එහෙම වුණා කියලා කියනවා. මෙච්චර කල් නම් මේ ආණ්ඩුව කරපු හැම එකක්ම වුණේ එහෙම. බොරු කීම ජීවන ක්‍රමය වෙච්ච අයට ඒක එච්චර අමාරු නෑ...
Eranga Friday, 23 May 2025 11:32 PM
එන්න එන්න ඩෝබිලා ටික... හෝදන්න යමක්... සෙනෙවිරත්න, ෆයිරූස් කෝ ඔයාලා...? ඉක්මණට එන්නකෝ...
යෝගා Saturday, 24 May 2025 08:21 AM
කවදා ඉඳන්ද මෙයා ආචාර්ය වුනේ? ආණ්ඩුව අනාගත්තු වැඩ ගැන කියන්න ඉස්සරහට දාන්නේ මේ වගේ හොරු තමයි.
සාලිය Saturday, 24 May 2025 02:52 PM
Actual Price එකට සියල්ල ලබා දිය යුතුයි. නොඑසේ නම් රට දියුණු නොවේ. දේශපාලකයින්ට ද එය එසේම විය යුතුයි.
මිහින් Saturday, 24 May 2025 06:18 PM
ඡන්ද වේදිකාවේ නම් කිව්වේ 30% කින් බස්සනවා කියලා...!
ගුණරත්න Sunday, 25 May 2025 08:48 AM
නියම මිලට විදුලිබලය දෙන්න ගිහින් රනිල්ලා ලකුණු කපා ගත්තා, ඒත් ඉතිහාසේ පෙන්වා දෙනවා විදුලිය බල මණ්ඩලය ලාබ ලබපු අවුරුද්දක් බව, සුළු මුදලකුත් නෙවෙයි කෝටි 14,000ක් ඔය සල්ලි දිගටම ලැබෙනවා නම් විදුලිබල මණ්ඩලයේ යල්පැනගිය පද්ධති ණය නොවී අලුත් කරන්න පුළුවන්, නමුත් මාලිමා අතිපණ්ඩිතයෝ ඡන්ද වේදිකා වල බෙරිහන් දුන්නේ රනිල්ලා හොරකන් කරන නිසා මේවා පාඩුයි කියලා අන්තිමේ විදුලි බල මණ්ඩලය ආයෙමත් පාඩුයි. ඉතිහාසේ හැමදාමත්ම පෙන්වලා තියෙනවා බැනුම් අහගෙන රනිල්ලා කරපු දේවල් හරි කියලා, නමුත් අපේ රටේ මිනිස්සුන්ට හිතන්න මොළයක් නැහැ.