(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇතැයි සමස්ත ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව පළාත් නවය ආවරණය පිළිබඳව කළ ජනතා අදහස් විමසීමෙ සැසිවලට පුද්ගලයන් 400 ක් පමණ සහභාගි වූ බව කී එම නිලධාරියා එම සැසිවලට දේශපාලඥයන් සහ වෘත්තිකයන් ඇතුළු විශේෂ පුද්ගලයන් රැසක් ද සහභාගි වූ බව ද සඳහන් කළේය.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදුලි බිල සියයට 30 ක් අඩු කළ හැකියි
Kazi Shajahan Tuesday, 14 January 2025 04:24 PM
NPP ආණ්ඩුව ඕක අඩුකරනවා. 20-30, මොකද එයාලා කවදාවත් බොරු කරන්නේ නෑ ජනතාවට.. ජනතාව NPP එකට 2/3 දුන්නේ විශ්වාස කරලා...
de silva Tuesday, 14 January 2025 04:52 PM
මාලිමාව ආවත් විදුලිබිල නමැති කරුමය අඩු වෙන්නේ නැහැ... "කරුමය මාලිමාව ලෙසද පැමිණිය හැක"
Pradeep Kumara Tuesday, 14 January 2025 05:10 PM
පොඩ්ඩක් ඉවසලා ඉන්න අපේ ආණ්ඩුවක් එනතුරු. හොරු එලවලා වංචා දූෂණ නතර කරලා ජනතාවට සහන මිළකට විදුලිය දෙනවා. එහෙම බැරි ආණ්ඩු මොකටද? මීට NPP පාක්ෂිකයෙක්...!
RAVIN Tuesday, 14 January 2025 05:46 PM
ඇමැති කිව්වා නේද විදුලි බිල අවුරුදු 3කට අඩුකරන්න බැහැ කියලා. විදුලිබල මණ්ඩලයේ බෝනස් අවුරුදු 4කට අත්හිටුවනවා.නිකන්ම ලාබ ඉපැදේවි.
fairoos Tuesday, 14 January 2025 05:55 PM
එහෙනම් අඩුකරන්න....!
සිල්වා Tuesday, 14 January 2025 08:15 PM
අවුරුදු තුනකට අඩුකරන්න බැහැයි කිව්වේ බොරුවට නෙවෙයි විහිළුවට.
karolis Tuesday, 14 January 2025 10:03 PM
ඕනෑම ඇත්තක් බොරු කරන ඕනෑම බොරුවක් ඇත්ත කරන කට්ටිය විදුලි බිලටත් ඒකම කරයි.
Nishan Wednesday, 15 January 2025 03:32 AM
එහෙනම් ඇමති ඇයි කියන්නේ අඩු කරන්න වෙන්නේ නෑ සියයට තිස් හතකින් වැඩි කරන්න වෙන්නේ කියලා. අපි එහෙම කියන ඇමතිව වෙනස් කරමුද?
ranjith Wednesday, 15 January 2025 06:39 AM
සාමාන්‍ය ජනතාවට සැළකිය යුතු ආදායමක් නැතුව මේ බිල් දරාගන්න බෑ... වරිපනම්, වතුර බිල් ණය වාරික, විදුලි බිල, පාරිභෝගිකයා ඇඟ මත වැට් බදු .. මිනිස්සුන්ට කන්න විදියක් නෑ... අන්ත අසරණ වෙලා
R.T.sarath Wednesday, 15 January 2025 02:44 PM
ඉස්සර ජවිපෙට ඡන්දේ දුන්නේ නිර්දන පන්තිය, කොටිපතියෝත් ඡන්දේ දුන්නා... හාල් කිලෝ එකට රුපියල් 65-80 බද්දක් ගැහුවාට, විදුලිබිල අඩු කළේ නැති වුණත්, පොල් ගණන් ගියත් ප්‍රශ්නයක් නැහැ. කොටිපතියාට ඕවා සුළු දේවල්, නිර්ධන පන්තිය ඡන්දේ නොදුන්නත්, ප්‍රාදේශීය සභා පළාත් සභා දිනන නිසා ප්‍රශ්න නැහැ. දැන් කවුරුත් පටි තද කරගෙන ඉන්න. වසර දෙක තුනකින් ප්‍රතිඵල ලැබේවි. හැමදේම නොමිලේ හෝ අඩුවට දෙන්න බැහැ...
de silva Wednesday, 15 January 2025 06:23 PM
මැතිවරණ පොරොන්දු වුණු විදිහට වැඩ නොකොළොත් ලබන පළාත්සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ වලදී මලිමාවට ඡන්දේ නොදී හිටියාම පාඩමක් ඉගෙන ගනීවි, ඕවා අඩු කරන්න බැරි නම් බොරු පොරොන්දු නොදී සිටින්න තිබුණා...
Nishan Thursday, 16 January 2025 08:17 AM
එහෙනම් ඇමති ඇයි කියන්නේ අඩු කරන්න වෙන්නේ නෑ සියට තිස් හතකින් වැඩි කරන්න වෙන්නේ කියලා. අපි එහෙම කියන ඇමතිව වෙනස් කරමුද?