(දයාසීලි ලියනගේ)
විදුලි බිල වැඩි කළත් ලබන වසරේ විදුලිය කපී සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
ජලාශවල ජලය අඩු වීම ගල් අඟුරු හා ඉන්ධන හිඟය යන කරුණු නිසා ලබන වසරේත් විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශකයෙක් කීය.
මේ වන විට විදුලිය සියයට හැත්තෑවක් ජලය ලබා ගන්නා අතර ලබන වසර මුල් වන විට ජල මට්ටම අඩු වන අතර ගල් අඟුරු හා ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නොමැති ව වීමේ ප්‍රශ්නයක් මත ලබන වසර මුල් කාලයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වනු ඇතැයි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
විදුලි කපාහැරීම නැවැත්වීමට විදුලි බිල වැඩි කළ යුතු බවට විදුලි බල ඇමැතිවරයා ප්‍රකාශ කළත් පවතින මෙම තත්වය යටතේ විදුලිය කපා හැරීමට සිදුවන බවද ඔවුන් සඳහන් කරයි මේ තත්ත්වය නිසා විදුලි බිල වැඩි කිරීම සිදු නොකළ යුතු බවට ඔවුන් විදුලිබල මණ්ඩලයට යෝජනා කර ඇත.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි බිල වැඩි කළත් විදුලිය නොකපා ඉන්න බෑ
ravin Saturday, 10 December 2022 09:38 AM
ඔය ඇමතිගේ අධ්‍යාපන සුදුසුකම් පලකලොත් නරකද.?
කිරිපුතා Saturday, 10 December 2022 11:27 AM
ලබන වසර මුලවන විටම ජලාශවල ජලය අඩුවන වග මොවුන් දැන්ම කියනවා. ඒකෙන් ගම්‍ය වන්නේ සහ තහවුරු වන්නේ මොවුන් සැලසුම් සහගතව ජලාශවල ජලය අඩුවන්නට ඉඩහැර පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගන්නා වගයි. එයින් හොඳහැටි තම සාක්කු පුරවා ගැනීමට මොවුන් ඇබ්බැහි වෙලා තියෙන්නේ... මෙවැනි මගඩි නතර කරගන්නා තුරු මහජනතාව සෙතක් වෙන්නේ නෑ...
කල්ප Saturday, 10 December 2022 03:19 PM
මේ කතාව සහතික ඇත්ත කියලා හිතෙනවා. මොකද සමහර කාලවලදී ජලාශ පිරී ඉතිරී යාම නිසා වාන් දොරටු විවෘත කරනවා. ඒවා එහෙමම තිබෙන නිසාද මන්දා... වැස්ස නතර වී සතියකින් ජලය හිස් කියනවා. කියන කතාවට කියන්න තියෙන්නේ කැඳයි, රැවුලයි දෙකක් බැහැ වගේ විදුලිය කැපීමයි, බිල් වැඩිකිරීමයි දෙකක් කරන්න එපා කියලයි...
Sunil Saturday, 10 December 2022 11:54 AM
තේරුනේ දැන් තමයි. අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන බව පවසා ඇමතිතුමා සහ ජනාධිපති විදුලි ගාස්තු ඉහළ දැමුවත් ලබන වසේ මුල් මාස කිහිපය තුළ විදුලි බිල දෙගුණ වෙලා තිබේ. විදුලිය කැපිල්ලත් දැනටවඩා හොඳින් ක්‍රියාත්මක වෙයි.
Bamunuarachchi Sunday, 11 December 2022 07:55 AM
විදුලි බිල වැඩිකිරීමත්, විදුලිය කැපීමත් අතර සම්බන්ධයක් නැති බව අපි දන්නවා. විදුලි බිල වැඩිවුණේ මණ්ඩලය පාඩු ලබමින් සේවකයින්ට බෝනස් ගෙවීම වැනි නාස්තිකාර වියදම් නිසා මණ්ඩලයට සිදුවූ පාඩු මකාගන්න. විදුලිය කපන්නේ නොකඩවා විදුලිය සපයන්න තරම් ප්‍රමාණවත් ඉන්ධන නොමැති නිසා...
BamunuarachchiTuesday, 13 December 2022 10:54 PM
එබව නොතේරෙන මැට්ටෝත් ඉන්න බව තේරෙනවා.