(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල වැඩිවීම ජනතාවට අමාරු වුණත් මණ්ඩලයේ වියදම දෙස බැලූවිට මෙය කළ යුතුම දෙයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට සහ පෞද්ගලික බලාගාර සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7600කට වැඩි මුදලක් ගෙවීමට ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 3100 ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලි බිල වැඩි කළත් අඩු ආදායම්ලාභී අයට සහන සලසා ඇතැයිද ඔහු කීවේය.
විදුලිබල මණ්ඩලයට කළ හැකි සමහර කටයුතු වෙනත් අංශවලට පසුගිය කාලයේදී පවරාදී තිබූ බව පැවසූ විජේසේකර මහතා මණ්ඩලයේ මාෆියාවට විරුද්ධව කටයුතු කිරීමේදී තමා තනිවූ අවස්ථා තිබෙන බවද ප්‍රකාශ කළේය.
විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න පවතින බවත් මෙම ආයතන සේවකයන්ට සියයට 25 ක වැටුප් වර්ධකයක් වාර්ෂිකව ලබාදෙන්නේ සේවා ඇගයීමක් කිරීමෙන් තොරව බවත් ඔහු පැවසුවේය.
මේවා නැවැත්විය යුතු බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය බල මණ්ඩලයේ නාස්තිකාර වියදම් නිසා සිදුවී ඇති ව්‍යසන සියල්ලට රටේ ජනතාවට බිල වැඩිකොට දඬුවම් නියම කිරීම වැදගත් දෙයක් වන්නේ නැහැ.ඒත්,සිදුවීමට නියමිත වී ඇත්තේ එයයි.මණ්ඩලේ වරදට මණ්ඩලේට දඬුවම් කොට හා ඊට අදාළ පියවර ගැනීමට තමයි ඒ අංශය සඳහා ඇමති කෙනෙකු පත්කොට තිබෙන්නේ.ඒත්, මේ ඇමති තුමා මණ්ඩලේ අය නැති නාස්ති කළ මුදල් උපයාගන්න හදන්නේ,රටේ ජනතාවගේ ලයිට් බිල වැඩි කරලා.මේවා හරියට කැකිල්ලේ නඩු තීන්දු වගෙයි.ලයිට් බිල වැඩි නොකොට මේ පවතින විදුලි ගාස්තු යටතේම විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට හැකි සමාගමකට එය බදු දෙන්න.එසේ නැතිව,ලයිට් බිල වැඩිකොට පෞද්ගලික අංශයට බදුදීම,ඔවුන්ට විදුලි පාරිභෝගිකයා ගසා ගෙන කෑමට උදව් කිරීමක් ලෙසයි පෙනී යන්නේ.
විදුලි බිල වැඩි කරලා මනු කියවන්නට මනුව හරියට කියවනවාට දීමනා දෙන්න එපා, සේවකයින්ගේ උපයනවිට ගෙවන බදු අපෙන් අයකරන්න එපා මේවා ලෝක විහිළු.
තව නැද්ද මුකුත් වැඩි කරන්න ඉතුරු වෙලා?
කොටස් වශයෙන් විදුලි බිල්, වතුර බිල් ගෙවීම් වහාම නවත්වන්න. මෙම සීමාවන් සපයන්නේ බිල් ගෙවන විදිහට නෙවෙයිනේ..!
පාරිභෝගිකයාට කපන්නේ නැතිව විදුලිය දීම සහ මැති ඇමැතින්ට වගේ බිල් නොගෙවපු පාරිභෝගිකයන්ගේත් විදුලිය නොකැපීම කළ යුතුමයි...
උඹලා තමයි මේ ආයතන වලට අනවශ්‍ය විදියට මිනිස්සු දැම්මේ. ඒක නිසයි මේවා පාඩු ලබන ආයතන වුණේ. නැතුව මිනිස්සු නිසා නෙමෙයි.