(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බව කියමින් පැමිණි ආණ්ඩුව විදුලිබල මණ්ඩලය අටට කඩන්නේ කොහොමදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙවැනි දේ කරන්නට මේ ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.
සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා:-
මේ පිළිබඳව කැබිනට් එකේ සාකච්ඡා උනෙත් නැහැ.පත්තරයක තියෙන දෙයක් අල්ලගෙන විකුනනවා කියලා පුරෝකතනය කරමින් අදහස් ප්‍රකාශ කරන්න එපා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
මම කතා කළේ පත්තර වල තියෙන දේවල් නෙමෙයි. මම ඒ කොමිටියෙ ඉන්නවා.කංචන ඇමතිවරයා එහිදී ඒ පිළිබඳ කිව්වා.
COMMENTS
හිටපු ඇමතිතුමනි, ඔය විදුලිබල මණ්ඩලය කඩලා හරි කුඩුකරලා හරි දාන්න පුළුවන් කෙනෙකුට ඉඩ දෙන්න. මහජනතාව ඔය මණ්ඩලය කෙරෙහි කලකිරීමට පත්වෙලයි ඉන්නේ...
ජනතාව කැමති කඩනවාට... ඔබතුමා වෙන වැඩක් බලාගන්න..
ජනවරම තියාගෙනද ඔක්කොම කරන්නේ..? දැන් නුඹලාට ගසාකන්න ජනවරමක් තියෙනවද? 8 ට නෙමෙයි, 1000 කට කඩලා හරි, මේක විකුණලා හරි කරන්න පුළුවන් කෙනෙකුට දීපල්ලා...!
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරන්න එතකොට ජනමතවිචාරානයක් ඕනද?
තමුන්නැහැලා පහුගිය කාලේ කරපුවා මොන ජනමතයක් අරගෙන කළාද? නිකං සවුත්තු නොවී ඉන්න.
ඔය දූෂිත විදුලිබල මණ්ඩලය තිබුණා කියලා ඇති වැඩක් නැහැ. මුලු රටටම හෙණයක්. නැත්තටම නැති වෙනවා නම් තමයි හොඳ...