
(බී.ජී. චතුරංග)
විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව අද (4) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ.
"මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලඥයෙක් හැටියට නොව දායකයෙක් හැටියටයි අපි සලකන්නේ, මේ සියලු බර කරට අරගෙන රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් සිදු කළ ඒ පරිත්‍යාගයට එතුමාටත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ මොහොතේ අප පින් අනුමෝදනා කරනවා."
සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (4) මෙසේ පැවසීය.
"මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අපි දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම රජයේ උත්තරීතර නීතිය බවට පත්ව තිබෙන මොහොතක එම උත්තරීතර නීතියටත් එහායින් කටයුතු කිරීම අපි හෙළා දකිනවා.
සමගි ජනබල වේගය සහ සමගි බෞද්ධ උපදේශන කමිටුව එක්වෙලා එහි සාමාජිකයන් සමග සාකච්ඡා කරලා, නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිම ආලෝකමත් කරන්න අපි කටයුතු කළා"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඊලග මාසේ බිල ගෙවන්නෙ කවුද? මෛත්‍රීපාල ද, ඩලස් ද?
කොටසක් ආලෝකයෙන් අදුරට යද්දී තවත් පිරිසක් අදුරින් ආලෝකයට යනවා
පෙරේදා පෙන්නපු නාටකේ හැටියට බිල නොගෙව්වා නම් තමා පුදුමේ. දිගටම ඔය විදියට බිල ගෙවාගන්න අපේ හාමුදුරුවනේ....
සජිත් බොර දියේ මාළු බානවා. සජිත් ලයිට්, බස් දුන්නාට අපි සජිත්ට රට දෙන්නේ නැහැ.
ආණ්ඩුව යන ගමන ගැන කතාකරලා වැඩක් නැහැ. රට විනාශ කරලා ඉතුරු හරියත් විනාශ වෙනකම් බලන් ඉන්න කාලකන්නි පෙරේතයින් ටිකක්. එකටම ගැලපෙන මාලිමා පිරිසක්. ඔවුන් සල්ලි එකතු කරලා ස්ථිර තැන්පතු දානවා. ජනතාවට සේවයක් කරන්නේ නැහැ. දැන් රටට සේවය කරන්නේ සජබය විතරයි...
බුදු දහමට ප්‍රමුඛත්වය දෙනවා කියන්නේ පන්සල්වල විදුලි බිල් ගෙවන එක නෙවෙයි
මිහින්තලා පුදබිම යළි ආලෝකමත් කිරීමට දායකත්වය සැපයූ සියලුම දෙනාට බොහොම පින්....
සජිත් මහත්තයා කරපු වැඩේ අපි අගය කරනවා. ඒක ඉතින් එතුමා කළ දුටුකල වල ඉහගත්තානේ. පන්සල්වල ලයිට්බිල් නොගෙවීම අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. මිහින්තලේ පන්සලට ලයිට් බිල් ගෙවන්න කිසිම බැරි කමක් කොහෙත්ම නෑ. හැබැයි ලංවිමට තිබුණා මොකක් හරි සාධාරණ ක්‍රමේකට වැඩේ කරන්න. එහෙම නොකර ගහෙන් ගෙඩි එන්න වගේ වැඩේ කළේ වෙන කාරණයක් නිසයි. හාමුදුරුවන් යූ ටියුබ් එකට දුන්න කතාවට ආණ්ඩුවට හිටු කියලා ඌයියා වුණා. ඒකයි හේතුව වගේම කළ වැඩේ අන්තිම කැතයි. කොහොම වුණත් රජෝ ඔය දෙගොල්ලටම අපේ කතිරය නම් නෑ. හරිය.... ඔය ගොල්ලන් ඔක්කෝම එක වල්ලේ පොල්...
සජිත් මහත්තයා රට වටේ බස් බෙදන්නෙ, බිල් ගෙවන්නෙ රාජපක්ෂවරු වගේ හොරකම් කළ සල්ලිවලින් නෙවෙයිද?
වැඩේ නම් සුපිරි. ඒ වුණාට අපි මාලිමාවට...
කවුරු කළත් හොඳ වැඩක්...
විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීම සිදු උවත් එම සියලු මුදල් සජිත්ට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල් වේ. විදුලි බිල ගෙවීමෙන් පසු සමගි ජනබල වේගය සහ සමගි බෞද්ධ උපදේශන කමිටුව දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුවේ
වැඩේ නම් සුපිරි ඒ උනාට අපිත් මාලිමාවට
මේ සල්ලි ලැබුන හැටිත් කියන්න. තාත්තගෙ බූදලයෙන්ස? නංගිගෙ සල්ලි මැෂිමෙන්ද?
බිල ගෙවලා නැත්නම් කැපීම වරදක් නෑ .පන්සල උනත් පිරිමැසීම තියෙන්නේ ඕන .නැත්නම් දවල්ට ඒ සී දාගෙන සැප ගනී
ශ්‍රීලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද නිකන් කඩදාසියක් විතරයි .අද රටේ ක්‍රියාත්මක වන්නේ රනිල් රාජපක්ෂ ව්‍යවස්තානුකුල නීතිය
හාමුදුරුවෝ පන්සලේ ආලෝක පුජාවට කියලා රුපියල් 500 ටිකට් විකුණලා හොයපු සල්ලි කෝ?
සජිත් හිතං ඉන්නේ ව්‍යවස්තාවේ බුද්ධාගමට මුල්තැන දෙනවා කියන්නේ පන්සල්වල.. ලයිට්, වතුර පිනට දෙන්න ඹ්නෑ කියලා. ඒකට තමයි බැතිමතුන්ගෙන් දායකයින්ගෙන් එකතු කරපු සල්ලි තියෙන්නේ... රටට බරක් වෙන් නැතුව බිල් ටික ගෙවන්න කියන්න.
මම පොලේ වෙළඳාම් කරලා එකතු කරපු සල්ලිවලින් ආලෝක පූජාවට කරපු සල්ලි වලට මොකෑ වුනේ අපේ හාන්දුරුවනේ...!
මට තියෙන එකම ගැටල්‍රව නම් පන්සලට එන වන්දනා කරැවන්ගෙන් 24*7*365 තිස්සේ එකතුවෙන මුදල් වලට කරන්නෙ කුමක්ද යන්නයි. මම සැම වසරකම මිහින්තලේ වන්දනාවෙ යන කෙනෙක්. ඒ ගියාම. නොවරදවාම මට පුලුවන් විදියට පන්සලේ ආදාර කුටියට මුදල් පරිත්යාගකරනවා. මම දැකල තියෙනවා සැදහවතුන් ආදාර කරනවා. මෙලෙස එකතුවන මුදල් හා එම මුදල් සමිබන්දයෙන් කිසිම සදහනක් නොකරන්නේ ඇයි? එම මුදල් වලට සිදුවන්නේ කිමෙක්ද? මැතකදි සදහන් වුනා කතරගම දේවාලයට ඒ ආකාරයෙන් කොතරම් මුදලක් එකතුවන්නෙන්ද යන වග. මින් මනත සැදැහවතුන් අදාර කිරිමෙන් වැලකි සිටිය යුතුද?
දැන් හරි රටේම විදුලි බිල ගෙව්වා වගේ තමා..නැවත රැවටෙමු ..
මේ පන්සලට ලැබෙන ආධාර මුදල් වලට මොකද වෙන්නේ? කබල රත්වුණු වෙලාවේ මෙයා රොටි පුච්චන්න ගිහින් . කලබල වෙන්න එපා ලබන චන්දෙදි ඔය නිකන්ම නිකන් මන්ත්‍රී විතරයි. අයේ දෙකක් නැහැ උන්නැහේ
මිහින්තලාවට ලැබෙන මුදල් සම්භාරයට හාමුදුරුවෝ කරන්නේ මොකක්ද?
ඇයි හාමුදුරුවනේ, සජිත් ගෙවනකම් බලාගෙන හිටියේ? විදුලි බලයට කියලා පන්සලට එන බැතිමතුන්ගෙන් එකතු කළ සල්ලි පිං කැටවලට එකතුවෙන සල්ලි වලට මොකද වුනේ? ඒ සල්ලි මාටියා ගැහැව්වේ කවුද?
විදුලි බිලෙනුත් ගසාකන පොහොට්ටුවේ ගොන් මෝඩ රැළ දැන් මොකද කියන්නේ...?
මිහින්තලයට ආදායමක් ඇත්තේම නැද්ද?
අර පිණ්ඩපාත කරල ගත්ත සල්ලි වලට මොකද වුණේ?
ඔබතුමාට අපගේ ගෞරවය. ඔහොම කෙලින් ඉන්නවා නම් සාධාරණ විදියට හිතනවා නම් කතිරේ ගහන්න හිතෙනවා... නමුත් බලයට ආවාම ඕවා නෑනේ. කොහේවත් හිටපු ටිකක් ලංකරගෙන රඟන්න ගන්නවා ගෝඨාභය වගේ.. "බලය තියෙනකොට මොළේ නෑ. මොළේ තියෙනකොට බලය නෑ. "
පීචං ලාභ දේශපාලනය. පන්සල්වල වුණත් විදුලියට ගෙවන්න ඕනෑ. මහජනතාව මරාගෙන කන ආගම වැඩක් නෑ...
ඔබට ජාති ජාතිත් පින් ලන්කාවේ කුහකයෝ ඕකවත් අගය කරන්න කැමැති නෑ. කමෙන්ට් වලින් පේනවා. පුළුවන් තරම් කුසල් කරන්න. ඒ පිනම ඇති ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්තක වෙන්න... බුද්ධිමත් මිනිස්සු ඔබට අශිර්වාද කරාවි...
DN ඇයි මාලිමාවේ කෝටි ගණන් තියෙන්නේ... හොල්ලන්න හිතෙන් නැද්ද මේ වගේ උතුම් පින් බිමකට අකරතැබ්බයක් වුණාමවත්. අනේ ඉතින් මේ අය බැරිවෙලාවත් බලයට ආවොත් ඉතින් සියලු ආගම් වලටත් දෙවියන්ගේ ම පිහිටයි. සජිත් ඡන්ද බලන්නැතූව ඔබ කළ උතුම් පින්කම අපි අගය කරනවා. ඉදිරි ඕනෑම මැතිවරණයකදීම ඔබට සුබ පතනවා වගේම ඔබ විපක්ෂයේ ඉඳගෙන කරන මේ සියලු හොඳවැඩ අගය කරලා අපි ඔබව ඉහලින්ම ඔසවා තබනවා...