IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 දා

(සුජිත් හේවාජුලිගේ)

විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිය අවසාන තීරණය  ලබන 14 වැනිදා  ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කොමිසම මුළු රටම නියෝජනය වන පරිදි අහඹු ලෙස 500 දෙනකුගෙන් අදහස් හා යෝජනා ලබාගෙන ඇත.

මෙම යෝජනා සහ අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම විසින් සිය තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරිි. මහජන අදහස් ලබා ගැනීමේ අවසාන සැසිය පැවැත්වුණේ පසුගිය 8 වැනිදා  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. එය බස්නාහිර පළාතේ මහජන අදහස් විමසීමයි

විදුලි ගාස්තු සියයට 6.8 ක්  ඉහළ දැමීමට යෝජනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය යෝජනාවලිය  මහජන උපයෝගීතා කොමිසමට  ඉකුත්දා බාරදුන්නේය.

මේ අතර විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ විදුලි බිල සියයට 30කින් පමණ අඩු කරන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව තවත් වටයකින් විදුලි බිල සියයට 6.8කින් වැඩි කිරීමට උත්සාහ දරණ බවයි.

විදුලි බිල වැඩි කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන නියෝජිතයෝ  දැඩි ලෙස විරෝධය පළ කරමින් සිටිති. විදුලිය බිල නැවත වරක් වැඩි කළහොත් මෙරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවත් විදෙස් ආයෝජන පවා ආපසු හැරී යා හැකි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙති.



අදහස් (1)

විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 දා

Rama Saturday, 11 October 2025 12:56 PM

මොනවද ඉතින් රජය කියාවී සංවර්ධන වේගය වැඩි කරන්න ඕනෑ නිසා විදුලි බිල වැඩි කරන්න ඕනෑ කියලා. දැන් හැමදේටම කියන්නේ ඔය බනේ විතරනේ. අනික, මහජන උපයෝගිතා කොමිසම ස්වාධීන කිව්වාට අන්තිමට රජයෙන් තමයි තීරණය යන්නේ. අනිත් එක ගිය ආණ්ඩුව කාලෙදි ජනක රත්නායක විදුලි බිල ඉහළ නගින එක නවත්වන්න ගිහින් අන්තිමට කොමිසමෙන් එළියට දාලානේ ඉවර වුණේ. ඒ නිසා වර්තමාන කොමිසමත් ලොකුවට විරුද්ධ වෙන්න තියන ඉඩ අඩුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site